gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාලගිරි හැදුණු මැතිවරණයට දැනට ආණ්ඩුව රුපියල් දහ තුන් කෝටි දස ලක්ෂයක් වියදම් කරලා….

මැතිවරණ කොමිෂන් සභාව විසින්  සහතික කළ තොරතුරු අනුව 2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර ඇති බව බීබීසී වාර්තා කරයි.
තොරතුරු දැන ගැනීමේ පනතට අනුව මැතිවරණ කොමිසම විසින් ලබා ගත් තොරතුරු අනුව  2023 පෙබරවාරි මස 28 දිනය වනවිට පුනරාවර්ථන වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති මුදල රුපියල් මිලියන 127කට අධික බව බීබීසිය තවදුරටත් ප්‍රකාශ කරයි .

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වැය වෙතැයි ඇස්තමේන්තු ගතකර ඇති සමස්ත වියදම රුපියල් මිලියන 9326කි. එනම් බිලියන 9.3කි.

කාර්ය මණ්ඩල වැටුප්, අතිකාල  ගමන් වියදම් සඳහා රුපියල් කෝටි 332ක්,  නීති විරෝධි ප්‍රදර්ශන ඉවත් කිරීම හා පැමිණිලි කළමනාකරණය සඳහා පන් කොටි පනස් නව ලක්ෂ තිස් හත් දහස් හත්සිය පනහක්, වාහන කුලී සඳහා එකසිය දෙකෝටි හැත්තෑ අට ලක්ෂ අනු පන් දාහක්, ඉන්ධන සඳහා පනස් දෙකෝටි අසූ එක් ලක්ෂ හතලිස් හත් දාහක්, ලිපි ද්‍රව්‍ය සහ කාර්යාලීය භාණ්ඩ සඳහා එකසිය විසි එක් කෝටි  දහතුන් ලක්ෂ පනස් එක් දහස් පන්සිය අසූවක්, ඉදිකිරීම් සහ අලුත්වැඩියා සඳහා තුන් කෝටි අනූ අට ලක්ෂ දොලොස් දහස් හාරසීයක්,  සුභ සාධන වියදම් විසි හත් කෝටි විසි හත් ලක්ෂ හැත්තෑ අට දහස් හත්සිය හතලිහක්, මුද්‍රණ වියදම් ලෙස එකසිය අසූ දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ පනස් හය දහස් තිහක්, මුද්දර හා තැපැල් ගාස්තු පනස් පන් ලක්ෂ පනස් හය දහස් නවසිය අසූවක්, නිරීක්ෂණ වියදම් තිස් තුන් ලක්ෂ හය දහස් හාරසීයක් විදුලිය සඳහා රුපියල් අට කෝටි අනූ තුන් ලක්ෂ හතලිස් අට දහස් අටසිය පනහක්, ප්‍රචාරක වියදම් පන් කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හතර දහස් අසුවක්, සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය සහ උපකරණ සඳහා විස් එක් කෝටි තිස් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් පන්සියයක්, නවා තැන් සහ ගොඩනැගිලි කුළී සඳහා රුපියල් එක් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් පන් දහස් දෙසීය අනූවක්, ඡන්ද පොල සේවා විසි එක් කෝටි විසි එක් ලක්ෂ හතලිස් හත් දහස් පන්සිය පනහක්, ජලය දුරකථණ ඇතුලු සේවා ගාස්තු සහ වෙනත් වියදම් සඳහා  හතලිස් පන් කෝටි දාසය ලක්ෂ විසි හත් දහස් හයකිස තිහක් ලෙස මෙම කොටි නවසීයකට මදක් වැඩි මුදල වෙන් කර තිබිණි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  පවසා ඇත්තේ  මෙම මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන ඇති උත්සාහයන් ගණන අවම වශයෙන් 30ක් බවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka