gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන්නු ලෝකේ අල්ලන අලුත්ම ක්‍රමය

AI තාක්ෂනය මේ වන විටත් ලෝකය ආක්‍රමණය කිරීමට පටන්ගෙන අවසන් ය. මේ හේතුවෙන් බොහෝ රැකියාවන් මෙන්ම බොහෝ ආයතන සමාගම් පවා වැසී යාමට ආසන්න බව නොරහසකි. ලොකයේ බොහෝ බලවත් රාජ්‍යයන් තම අධිරාජ්‍යවාදී බලය පවත්වා ගැනීමට මෙන්ම බලය පැතිරවීමටද මෙම AI තාක්ෂණය භාවිතා කිරීම වර්තමානයේ  ප්‍රවණතාවයක් බවට පත්වී ඇත.

මෙහි භයානකම තත්වය වන්නේ යුධමය වාතාවරණයක් තුළ AI තාක්ෂණය භාවිතා කිරීම ඉතාමත් දරුණු ප්‍රතිඵල ළඟා කිරීමට හේතු විය හැකි වීමයි. මන්ද AI යනු මානුෂීය හැඟීම් වලින් තොර සම්පූර්ණයෙන්ම තාක්ෂණය හා විධාන මත පාලනය වන තාක්ෂණයක් වීමයි. 

චීනය, තම අධිරාජ්‍යවාදී බලය ලොව පුරා පැතිරවීමට ඕනෑම යමක් කිරීමට පසුබට නොවන රාජ්‍යයක් ලෙස ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව ඇති දේශයකි. ණය ලබා දීම, වාණිජ ව්‍යාපෘති, ආධාර, කූට උපක්‍රම මෙන්ම යුධමය ක්‍රමවේදයන් ඔස්සේද තම බලය පැතිරවීමට වෙහෙසෙන ලෝක බලවතුන් අතර චීනයට හිමි වන්නේ ප්‍රමුඛත්වයකි. 

වර්තමානය වන විට චීනය වැඩි වශයෙන් කූට උපක්‍රමයන් යොදා ගනිමින් බල ව්‍යාප්තිය සිදු කිරීම දක්නට ලැබේ. එයට හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාවයි. මිත්‍රත්වයේ නාමයෙන් ලංකාවේ චීන අධිරාජ්‍යයක් ගොඩනැගීමට චීනය ගන්නා උත්සහයට එක පයින් සහයොගය දක්වන් එහෙයියන් වන්නේ මෙරට පාලක ප්‍රජාවයි.

චීනය තම අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට දරණ විවිධ උත්සහයන් රැසක් පිළිබඳව පසුගිය කාලය තුල හෙලිදරව් විය. එමෙන්ම ලංකාව තුළ චීනය, දැනටමත් ඔවුන්ගේ බලය පැතිරවීම ආරම්භ කර ඇති බව ලාංකිකයින් සියලුම දෙනා දැනුවත් විය යුතුය.

පසුගිය වසරේදී සමස්ත ලෝකයම අනතුරු අඟවා තිබියදීත් චීන ඔත්තු බලන නෞකාවකට මෙරටට පැමිණීමට ඉඩ ලබා දීම මෙරට පාලකයින් ගත් අදූරදර්ශිම තීරණය ලෙස පෙන්වා දීම නිවැරදිය. එසේ පැමිණි ඔත්තු බලන නෞකාව උත්සවශ්‍රීයෙන් පිළිගැනීමටද මෙරට බුද්ධිමත් ලොක්කෝ ක්‍රියා කලහ. ලංකාව තුළ චීනයට ඇති බලය පිළිබඳව අවබෝධ කර ගැනීමට තවත් උදාහරණයක් අවශ්‍ය නැත.

මේ සියල්ල හමුවේ ලංකාව වර්තමානයේ පත්ව ඇති තත්වය හමුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට චීනයෙන් ඉල්ලීම් කර ඇති නමුත් තවමත් ස්ථිර එකඟතා සහතිකයක් ලිඛිතව ලැබී නොමැති බව ආරංචි මාර්ග පවසයි. එයින්ම පැහැදිලි වන්නේ චීනය හුදෙක් තම අරමුණු ඉටු කර ගැනීමට විනා ලංකාවේ ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන බවයි. 

ලෝකයේ බලය අල්ලා ගැනීමට දරන තැත තුළ බොහෝ රට වල තොරතුරු සහ දත්ත සොරා කෑමට උත්සහ දරන බවට අවස්ථා ගණනාවකදී චීනයට චෝදනා එල්ල විය. චීන ඔත්තු බලන බැලූනයක් පසුගිය දිනක ඇමරිකාවට ඉහලින් පියාසර කරවීමට යාමේදී ඇමරිකානු හමුදාව විසින් එය විනාශ කර බිම හෙලන ලද බව වාර්තා විය. චීන කාලගුණ බැලූනයක් වැරදීමකින් ඇමරිකාව දෙසට පැමිණි බව චීනය පැවසුවත් එය ඔත්තු බලන යානයක් බව බොහෝ දෙනෙකුට නොරහසකි. 

ලංකාවේ මෙන්ම සමස්ත ලෝකයේම ආධිපත්‍යය දිනා ගැනීමට උත්සහ කරන අතරතුර චීනය නවතම තාක්ෂණය අත්හදා බලමින් සිටියි. එනම්, එකවර ඩ්‍රෝන  විශාල ප්‍රමාණයක් දියත් කළ හැකි මිනිසුන් රහිත වාහකයෙක් වන ලොව ප්‍රථම AI මගින් ක්‍රියාත්මක වන 'මව් නෞකාව' චීනය පසුගිය දා දියත් කළේය. විවෘත ජලයේ ස්වයංක්‍රීයව සැරිසැරීමට කෘතිම බුද්ධිය භාවිතා කරන ලොව ප්‍රථම කාර්ය මණ්ඩල රහිත ඩ්‍රෝන් වාහකය චීනය සාර්ථකව අත්හදා බලා ඇත.

සමුද්‍රීය පර්යේෂණ මෙවලමක් ලෙස නිල වශයෙන් විස්තර කර ඇති නමුත් සමහර ප්‍රවීණයන් පවසා ඇත්තේ නෞකාව හමුදා යාත්‍රාවක් ලෙස භාවිතා කිරීමට හැකියාව ඇති බවයි.

ස්වයංක්‍රීය නෞකාවක් වන Zhu Hai Yun  නම් වන මෙම නෞකාව දිග අඩි 290 ක්, පළල අඩි 45 ක් සහ අඩි 20 ක් පමණ වන අතර විවිධ නිරීක්ෂණ උපකරණ වලින් සමන්විත ගුවන් ගත කළ හැකි සහ මුහුදේ ගිල්විය හැකි ඩ්‍රෝන දුසිම් ගණනක් රැගෙන යා හැකි බව නැව නිෂ්පාදනය කළ Huangpu Wenchong නැව් සමාගම පවසා ඇත. මෙම නෞකාව හඳුන්වා ඇත්තේ "ලෝකයේ ප්‍රථම බුද්ධිමත් මිනිසුන් රහිත පද්ධති මවු නෞකාව" ලෙසිනි.

චීනයට වඩාත්ම ප්‍රතිලාභය වනුයේ දත්ත රැස්කිරීමයි. කෙසේ වෙතත්, රටවල් කිහිපයක් තරඟකාරී භෞමික හිමිකම් ප්‍රකාශ කර ඇති, තරඟකාරී දකුණු චීන මුහුදේ බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා චීනයේ හමුදාවට ද මෙම ඩ්‍රෝන් මව් නෞකාව භාවිතා කළ හැකිය.

මෑත කාලයේදී, චීනය මුහුද මත ස්වෛරීභාවය තහවුරු කිරීම පිළිබඳ වඩ වඩාත් අවධානය යොමු කර ඇති අතර එහි මිලිටරි පැවැත්ම ගොඩනඟා ගනිමින් සිටී. ලංකාවේ හම්බන්තොට වරාය අත්පත් කර ගැනීම, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙම සැලසුමේම කොටසක් බව දැන් දැන් සියල්ලන්ටම වැටහෙමින් පවතින බව නොරහසකි.

මිනිසුන් රහිත යුධ යානා "යුද්ධයේ අනාගතය" විය හැකිය.
සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතට අනුව මෙම යාත්‍රාව සදර්න් මැරීන් විද්‍යා සහ ඉංජිනේරු ගුවැන්ඩොං රසායනාගාරය විසින් සංවර්ධනය කරන ලද බුද්ධිමත් ජංගම සාගර ස්ටීරියෝ නිරීක්ෂණ පද්ධතිය ලෙස හැඳින්වෙන ලොව ප්‍රථම AI පද්ධතිය භාවිතා කරයි.

නැව දුරස්ථව පාලනය කරනු ලබන අතර, නැව සාදන්නාට අනුව, උපරිම වේගය නොට් 18 ක් හෝ පැයට සැතපුම් 20 ක් පමණ ගමන් කළ හැකිය.

චීනය දැනටමත් ලොව විශාලතම නැව් සාදන්නා වන අතර, "සාගරික මහා බලවතෙකු" වීමේ අභිලාෂයක් චීනය සතුව ඇත. වර්තමානය වන විටත් ඔවුන් එම අභිලාෂය ඉටු කර ගැනීමට නොයෙකුත් උත්සහ දරමින් සිටිති.

මෙවන් අධි තාක්ෂණික යානා නිර්මාණය වීම තුළ ඇති භයානක භාවය වන්නේ, ජන සංහාරයක් සිදු කර රාජ්‍යක් අත්පත් කර ගැනීමට වඩා දරුණු ප්‍රතිඵල ඇති කළ හැකි වීම හේතුවෙනි.

බල ලෝභීත්වය හමුවේ ශ්‍රී ලංකාව බලකොටුවක් බවට පත් කර ගැනීමට චීනය උත්සහ දරන බව ප්‍රත්‍යක්ෂ වේ.   තවදුරටත් මෙරට පාලකයින් චීන ක්‍රියා කලාපය හමුවේ නිහඬව සිටීමෙන් ලංකාවට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින අනෙකුත් බලවත් රාජ්‍යයන් වල සහය පවා ලංකාවට අහිමි වී යාම වැඩි ඈතක නොවන බව පැහැදිලිය. 

චීනයට කඩේ යන, චීන කටු කන බල්ලන් ලෙස තීන්දු තීරණ ගන්නා රටේ වත්මන් පාලකයින් දැන් වත් ඍජු තීරණ නොගහොත්, දරුණු ලෝක විනාශයක අතරමැදියන් වීමට ලාංකිකයන්ට සිදු වන බව ප්‍රත්‍යක්ෂය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka