gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් අද වර්ජනයේ!

ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනා ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් අද එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

පෙරවරු 8.00ට ආරම්භ වන මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, සායනික, රසායනාගාර කටයුතු ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ලවිය හැකි බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා, අදාළ වෘත්තිය සමිති සමඟ ඊයේ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

එහිදී සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිය සමිති 40 ක් නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුවද ඊයේ එම ශ්‍රවණාගාරයේදී රැස්වී තීරණය කළේ හෙට සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමටයි.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය කරන දිනයකදී දැවැන්ත වැඩවර්ජනයක් පැවැත්වීමට එහිදී තීරණය කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka