gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ සරසවියේ අහිංසක ආරක්ෂක නිලධාරියා ඝාතන වගකීම රජය භාර ගත යුතුයි – වසන්ත මුදලිගේ!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (07) සංවිධානය කොට තිබූ විරෝධතාවක් විසිරුවා හැරීමට පොලීසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයට නිරාවරණය වූ එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් මිය ගියගොස් ඇතැයි  ද එය මේ ආණ්ඩුව විසින් සිදුකළ ඝාතනයක් බව පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ යැයි ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.
ඔහු පවසන්නේ මැතිවරණයක් ඉල්ලා මහ පාරට පැමිණි පසු ආණ්ඩුව විසින් ඝාතනය කළ නිවිතිගල සහෝදරයාගේ ඝාතනයේ දිගුවක් ලෙස මෙම ඝාතනය හඳුන්වා දිය හැකි බවය..

විරෝධතාව විසිරුවා හැරීම සඳහා පොලිසිය සහ කැරලි මර්ධන ඒකකය විසින් අදාල කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කරන ලද අවස්ථාවේ දී පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ පිවිසුම් දොරටුවේ රාජකාරි කටයුතුවල නිරතව සිටි ආරක්ෂක නිනිලධාරියෙක්  මෙසේ මිය ගොස් තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ ලිප්ටන් වටරවුමේ සිට නුගේගොඩ හන්දිය දක්වා ගමන් කළ සාමකාමී  පා ගමනට කොළඹ විශ්විද්‍යාලය අසල දී ආරක්ෂක අංශ කඳුළු ගෑස් ගසා අනතුරුව සරසවියේ ගේට්ටුව කඩාගෙන ඇතුළට පැමිණ සරසවියේ පාඩම් කරමින් සිටි සිසු පිරිසකට ද පොලුවලින් පහර දුන් බවය.

ආරක්ෂක අංශ සාමාජිකයින් අත විශාල ප්‍රමාණයේ කුරුඳු පොලු තිබුණ බව  පැවසූ ඔහු එම පහරදීම හා ඒ අතරතුර සිදුකළ ඝාතනයට විරෝධතාවය පළ කිරීමට සංවිධානය කළ උද්ඝෝෂණය ට ද ආණ්ඩුව පහර දුන් බවය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka