gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අටමස්ථාන හිමි දුලාංජලීට දුන් ඉඩමක් නිසා ඉඩම් රෙජිස්ටාර් උසාවියට!

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත්වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10 වටිනා ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් අනුරාධපුරයේ ව්‍යාපාරිකයකුගේ බිරියක අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව විරෝධතා ලබන ජුනි මස 22 වැනි දින ගොනු කරන ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.

දිසා විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර, නිදහස් මාවත, ඉසුරුපුර, අංක 03/2 ඒ/260 ලිපිනයේ පදිංචි එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත් නීතිඥ අලෝක බණ්ඩාර ප්‍රේමරත්න මගින් අනුරාධපුර දිසා අධිකරණයට හමුවේ පවරා ඇති නඩුවක් යළි කැඳවූ අවස්ථාවේදීය. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයායි.

පෙත්සම්කාර දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය නීතිඥ අලෝක බණ්ඩාර ප්‍රේමරත්න මහතා මගින් ස්වකීය පෙත්සමෙන් අධිකරණයට පවසා ඇත්තේ තමා ත්‍යාගලාභියා වෙමින්ද හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් ත්‍යාග දීමනාකරු වෙමින්ද අනුරාධපුරයේ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු විසින් ලියා සහතික කරන ලද අංක 5493 සහ 2022.10.13 දින දරන තෑගි ඔප්පුව (අනුරාධපුර මහ නගර සභා සීමාව තුළ පිහිටි අනුරාධපුර නව නගරයේ පළමු පියවරෙහි ඇලබොඩ කැලේ නමින් හඳුන්වන ඉඩම) නිසි පරිදි සහතික කොට උතුරුමැද පළාත් සභාවට ගාස්තුද ගෙවා ලියාපදිංචිය සඳහා රජයට ගෙවිය යුතු ගාස්තුද නිසි පරිදි ගෙවා ලියාපදිංචිය සඳහා දෙවැනි වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ බවයි.

පසුව මෙම තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් විසින් ගෙන ඇති තීරණය පිළිනොගන්නා බවත් තෑගි ඔප්පුව පාර්ශ්වකරුවන් සහ සාක්ෂිකරුවන් නිසි ලෙස අත්සන් කර නිසි අධිකරණ කලාපය තුළදී සහතික කර ඇති නිසා එය ලියාපදිංචි කර දෙන ලෙසට ඉල්ලමින් ප්‍රසිද්ධ නොතාරිස්වරයා මගින් වගඋත්තරකරුවන්ට නැවත අභියාචනයක් ඉදිරිපත් කළ බවද කියා සිටින පෙත්සම්කාරිය එම අභියාචනයට අනුවද වගඋත්තරකරුවන් 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද සැළ කර සිටී.

මූලාශ්‍රය – අරුණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka