විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවරූ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මැයි 22 වැනිදා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම අද (31) නියෝග කළාය.
වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගය ව්‍යවස්ථාව අනුව මෙම පක්ෂයේ තනතුරු දැරීමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවරූ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන්නැයි වගඋත්තරකාර පාර්ශවයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.
සමගි ජන බලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කරමින් ඩයනා ගමගේ ඉදිරිපත් කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර නම් කොට ඇත.
මනෝප්‍රිය ගුණසේකර
