gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුටි කාලා ඊයේ එක හිමිනමක් අපවත් වුණා! අද තව හිමිනමක් විහාරාධිපතිකම ඉල්ලලා ගහකට නැගලා! අනේ අපොයි සාසනේටයි හිමිවරුන්ටයි ගිය කලක්!

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි  උහන්ගොඩ   ශ්‍රී රතනසාරාභිධාන  හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබියදී විහාරාධිපතිකම ඉල්ලා අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන ගලගෙදර විපුලසාර හිමියන් ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි.

විහාරාධිපතිකම හිමිවූ මිරිහානේගම සුමනසිරි හිමිපාණන්  මෙම විහාරස්ථානයේ වාසය කළ අතර  ගලගෙදර විපුලසාර හිමිපාණන්ද විහාරස්ථානයේ  වාසය කර ඇත. 

ගලගෙදර විපුලසාර හිමිපාණන් නිරන්තර ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ දරන බව හෙට්ටිපොල පොලිසියට කිහිප අවස්ථාවකදීම  පැමිණිලි  ලැබීම  ඇති අතර  මාසයකට වැඩි කලක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුවිය. 

විහාරස්ථානයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ඉවත්කර,  විහාරස්ථානයේ බලය තමා වෙත පවරන වගකිව යුත්තන්ට බල කරමින්  විපුලසාර හිමිනම ගසකට නැගී පැය ගණනාවක් උපවාසයේ නිරත විය. 

ගලගෙදර විපුලසාර හිමිනම   දුරකතනය රැගෙන ගසට නැග තිබූ අතර ගසකට නැගීමට හේතුව කවරේදැයි  එම හිමිනමගෙන් දුරකතනයෙන් විමසූ අතර උන් වහන්සේ පැවැසූවේෙ තමාට හිමි විහාරාධිපතිකම වෙනත් හිමිනමක් උදුරා ගන්නට උත්සාහ දරන බවත්, එම හිමිනමගේ ඉල්ලීමට යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කරනතුරැත් තමා ගස තුල උපවාසයේ යෙදෙන බවත් එම හිමිනම පැවසීය. 

උපවාසයේ යෙදෙන හිමිනමගේ ක්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයක නොවන බවට පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති හෙයින්  සාමය ආරක්ෂා කිරීම පිණිස පොලිස් නිලධාරීන් යෙදවීමට සිදුව ඇති බව හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ඡායා කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය. 

පැය අටකට පමණ පසුව හිමිනම ගහෙන් බිමට බැස්ස අතර ගිලන් රථයකින් හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනිණ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka