gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසන්ත නිදහස් කළේ කොහොමද? තීන්දුවට එරෙහිව නීතිපති මහාධිකරණයට ‘ඇපීල්’ කරන්න යයි! ඉල්ලලා තියෙන්නේ පොලිසිය!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම චෝදනාවලින් නිදහස් කිරීමේ තීන්දුවට එරෙහිව නිතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ලබන සතියේදී අභියාචනයක් ඉදිරිපත් කරනු ලබන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණය ලබා දුන් එම නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසට පොලිස් මුලස්ථානය ඊයේ (02) කරන ලද ඉල්ලීමක් අනුව මෙය ඉදිරිපත් කෙරනු ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසෙයි.

එම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 80303/01/22 යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර, එම පනත ප්‍රකාරව සැකකරුට එරෙහිව කිසිදු වරදක් අනාවරණය නොවන බවට තීන්දු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉකුත් 31 වැනිදා එම සැකකරු නිදහස් කරමින් නියෝගයක් නිකුත් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka