gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට පුරා විරෝධතා මාලාවක් අරඹනවා!

ශිෂ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතා ව්‍යාපාර මාලාවක් රටපුරා ආරම්භ කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කරන්නේ මේ වන විට සමස්ත විශ්වවිද්‍යාල සිසුන් දැඩි අපහසුතාවයට පත් කරමින් ආණ්ඩුව විශ්වවිද්‍යාල පද්ධතියම වලපල්ලට ඇද දමා ඇති බවයි.

ඒ පිළිබඳව ආණ්ඩුව හා අධ්‍යාපන අමාත්‍යාංශයට අවස්ථා ගණනාවකදීම දැනුම්දීම කළත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නැති බවත් ඔහු පැවසීය.

විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ සහනාධාරය මාස ගණනකින් ගෙවා නැති බවත් එම ශිෂ්‍යාධාරය ඉහල දමා නැති බවත් පැවසූ ඔහු සිසුන් රැසකටම අද වන විට නේවාසික පහසුකම් නැති බවත් ආහාර මිළ නැවත නවාතැන් ගාස්තු ද ඉහළ ගොස් ඇති බවත් එනිසා ඔවුනට පහසුකම් සැලසීමට රජය මැදිහත් විය යුතු බවත් ඔහු පැවසීය.

සුසුන්ට ක්‍රීඩා පහසුකම්, දේශන ශාලා පහසුකම්, අධ්‍යාපන උපකරණ පහසුකම් නැති බවත් අධ්‍යාපන පද්ධතියම වළපල්ලට යවා ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka