gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයට මුදල් නෑ... කෝටි 77ක් ඉල්ලයි... 10ක් දෙයි... ගැටළු කියන්න ලේකම්ලා කැදවයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මුහුණ දී තිබෙන ගැටලු ගැන සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට අනිද්දා දිනයේ කැඳවූ බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මැතිවරණය පවත්වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුකර ප්‍රතිඥාව අනුව ඊට අවශ්‍ය කටයුතු කරගෙන යමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය සඳහා දී ඇති මුදල් අවසන් වී ඇති බවත් තවත් රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඉල්ලා මහා භාණ්ඩාගාරයට ලිපියක් යැවූ බවත් හෙතෙම පැවසීය.

මීට පෙර ද රුපියල් කෝටි 77 ක මුදලක් ඉල්ලා මහා භාණ්ඩාගාරයට ලිපියක් යොමු කර ඇති බවත් ඉන් රුපියල් කෝටි දහයක මුදලක් ලැබුන බවත් සභාපතිවරයා තව දුරටත් කියා සිටියේය.

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබීමේ ප්‍රමාදයක් ඇතැයිද පවසන සභාපතිවරයා පෙබරවාරි මාසයට රුපියල් මිලියන 770කට අධික මුදලක් අවශ්‍ය වුවද මේ දක්වා ආණ්ඩුව ලබා දී ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණක් බවද පැවසීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka