gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැයි 9 -10 කලබලයේ දී ශවේන්ද්‍ර සිල්වා වගකීම් පැහැර හැරලා… CID විමර්ශනයක් කරන්නැයි කරන්නාගොඩ කමිටුව නිර්දේශ කරයි

පසුගිය වසරේ මැයි 9 සහ 10 වනදා ඇති වූ සිද්ධින් මැඩපැවැත්වීමට එවක වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රාජකාරි වගකීම පැහැර හැර ඇතැයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.

මෙම කමිටුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනු ලබන්නේ  තම නිවාස සහ දේපල ආරක්ෂා කර ගැනීමට, නොහැකිවීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති ඇතුලු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ඇතුලු 34 දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමකට අනුවය.

ඊයේ  (24) අභියාචනාධිකරණයේදී මෙම පෙත්සම  විභාගයට ගැණුනු අවස්ථාවේ දී  එම කමිටු වාර්තාවේ නිර්දේශ ජනාධිපති නීතිඥ උදිත ඉගළහේවා විසින්  ) අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

අදාල විමර්ශනය   සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ජනරාල් දයා රත්නායක සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගෙන් සමන්විත   ත්‍රිපුද්ගල මෙම කමිටුව  පත් කර තිබිණි.

ඒ අනුව ඔවුන් විසින් මැයි 9 වනදා සහ 10 වන දා රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් රැසකගෙන් ප්‍රකාශ සටහන් ගෙන   ආරක්ෂක අංශ භාරයේ තිබූ ලේඛන විශාල ප්‍රමාණයක් ද පරිශීලනය කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබිණි.

එම අවස්ථාවේදීයි මෙම කමිටු වාර්තාවේ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ. ඒ අනුව, එවකට හිටපු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකළ යුතු බව ද මෙම කමිටුව විසින් නිර්දේශ කර  ඇත.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka