අධ්‍යාපන ඇමැති සුසිල් පාර්ලිමේන්තුවේදී කුණුහරුපෙන් බැන්න වැඩේ දුරදිග යයි! රෝහිණී කතානායකට පැමිණිල්ලක් කරයි! කාන්තාවක් හා මවක් විදිහට මම දැඩි අපහසුතාවට පත්වුණා! VIDEO
පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී අධ්‍යාපන අමාත්‍ය, සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහීණී කවිරත්න මහත්මිය ඉල්ලීමක් කර තිබේ. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමිනි.
මන්ත්‍රීවරිය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රකාශය විද්‍යුත් මාධ්‍ය හරහා සමාජගත වී ඇති බැවින් කාන්තාවක් හා මවක ලෙස තමුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
එවැනි සිදුවීම් හේතුවෙන් ජනතාව, උත්තරීතර පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් පිළිබඳව ඇතිකර ගන්නා ආකල්ප කෙබඳුදැයි, මන්ත්‍රීවරිය, කථානායකවරයාගේ අවධානයට යොමුකර ඇත.
රෝහිණී කවිරත්න මහත්මිය, කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මෙම ගැටලුව වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.
සුසිල් පාර්ලිමේන්තුවේදී කියපු කතාව!
අධ්‍යාපන ඇමැති සුසිල් පාර්ලිමේන්තුවේදී කුණුහරුපෙන් බැන්න වැඩේ දුරදිග යයි! රෝහිණී කතානායකට පැමිණිල්ලක් කරයි! කාන්තාවක් හා මවක් විදිහට මම දැඩි අපහසුතාවට පත්වුණා! VIDEO
2023-02-26T14:40:00+05:30
Gossip Lanka Hot News






