gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිපෙට්කෝ පිරවුම්හල් 450ක් විකුණයි.. ලොව ප‍්‍රධාන තෙල් සමාගම් තුනක් ලංකාවට…

ලොව ප්‍රධාන පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට ඉන්ධන පිරවුම්හල් 450ක් ලබාදීමේ කටයුතු සූදානම් වී තිබේ. මෙරට රජය සතු ඉන්ධනහල් 1197න් 450ක් මෙසේ ලබාදීම සඳහා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉන්ධන ආනයනය කර ගබඩා කර බෙදා හැරීමේ අවසර ලබා දෙමින් ඉන්ධනහල් 150 බැගින් ලබා දීමට නියමිතව තිබේ.

මේ වන විට දැනට මෙහෙයුම සිදුවන එම පිරවුම්හල් 450 වෙන් කිරීමේ කටයුතුද සිදු කරමින් තිබේ.

ඉන්දියාවේ භාරත් පෙට්‍රොලියම්, ෂෙල්, සෙනොපෙක් යන සමාගම් තුන බොහෝදුරට මෙරට ආයෝජනයට පැමිණෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka