gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කව්ද මේ ලණුව දුන්නු පෙරකදෝරුවා! නොවැම්බර් 18 ජනාධිපතිට ජනාධිපතිවරණයක් කැඳවන්න බෑ! මේ ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් එහෙම බලයක් නෑ!

ජනාධිපතිවරයා පුංචි ඡන්දය කල් දමන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් බව ඇතැමුන් පැවසුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. 
නොවැම්බර් 18 ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයාට රාජකීය ලණුවක් දී ඇත්තේ ව්‍යවස්ථාව හරි හැටි නොකියවූ ගොඩ පෙරකදෝරුවෙක් විය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන රජයේ සේවකයන් නාමයෝජනා දින සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතු නමුත්, නාමයෝජනා දින සිට සති 7ක් ඇතුලත මැතිවරණය පවත්වනු ඇතැයි අපේක්‍ෂාවෙන් ඡන්දය ඉල්ලන රාජ්‍ය සේවකයන්ට මාස ගණනක් වැටුප් රහිතව සිටීමට සිදුවීම අසාධාරණයක් බවත්, මැතිවරණය කල් දැමූ ආණ්ඩුව වහාම ඇමති මණ්ඩල තීන්දුවක් හරහා මැතිවරණ අපේක්ෂක රජයේ සේවකයින්ට වැටුප් ගෙවිය යුතු බවත්, එසේ නොකළොත් ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka