gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් වික්‍රමසිංහ… මේ ඝාතනයේ වගකීම ඔබ බාරගත යුතුයි - ටිල්වින්

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ  ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට ඊයේ පහර දී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ විසින් භාර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (27) කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙසේ ද පැවසුවේය.

“අපි ඊයේ (26 දා) මැතිවරණ අයිතිය ඉල්ලා ඉතාමත්ම සාමකාමී උද්ඝෝෂණය් සිදුකළේ. ඒ උද්ඝෝෂණයට රනිල් වික්‍රමසිංහලා අධිකරණ තුනකින් වාරණ නියෝග ගත්තා. ඉන්පසුව ම්ලේච්ඡ ආකාරයෙන් පහරදීමෙන් 28 දෙනෙකුට තුවාල සිදුවී රෝහල්ගත කළා. එයින් දෙදෙනෙකු ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ සිටියා.

මේ වනවිට එම දෙදෙනාගෙන් එක අයෙක් වන රත්නපුරයේ නිමල් අමරසිරි සහෝදරයාගේ ජීවිතය අහිමිවී තිබෙනවා. ඔහු නිවිතිගල ප්‍රාදේශී සභාවේ අපේක්ෂකයෙක් ලෙස සිටි සහෝදරයෙක්. මේ ජීවිතය අහිමිවීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි. අපි ගියේ ජනතාවගේ අයිතියක් වන මැතිවරණය පැහැර ගැනීමට විරුද්ධව සාමකාමී ලෙස විරෝධය පෑමටයි. නමුත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඒකාධිපති වියරුව මුදාහරිමින් පාලනය ආරක්ෂාකර ගන්න උත්සාහ කරනවා.

මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන්නේ බොරුවක්. මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙන පළාත් පාලන මැතිවරණය යම් නීතියකින් හෝ අධිකරණයෙන් නතර කර නැහැ. මැතිවරණ නීතිය පැත්තකට දමා නිලධාරීන්ට බලපෑම් කර, මුදල් දීම නවත්වා මැතිවරණ කොමිසමට පසුගිය අයවැයෙන් අනුමත කළ මුදල නොදී උමතු හැසිරීමක් ජනාධිපතිවරයා ප්‍රදර්ශන කරනවා.

පිනට ලැබුණු ජනාධිපතිකම, අතේ තියාගෙන තමන්ගේ සාමකාමී උද්ඝෝෂණය අයිතිය අනුව ක්‍රියාකරන ජනතාවට පහරදීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් නතර කළ යුතුයි.  ඒකාධිපති ක්‍රියාමාර්ගවලට ගමන් කරන්න උත්සාහ කරනවා නම්, ජාතික ජන බලවේගය ඊට එරෙහිව ගත හැකි සියලුම ප්‍රජාතනත්ත්‍රවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මේ උද්ඝෝෂණයේදී ජීවිතය අහිමි වූ අපේ සහෝදරයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කණගාටුව ප්‍රකාශ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිසිවෙකුගේ ජීවිත අහිමි විය යුතු නැහැ. නිමල් අමරසිරි සහෝදරයා උද්ඝෝෂණයට එක්වුණේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. තමන් කැමති පාලනයක් පිහිටුවා ගැනීමේ අයිතිය වෙනුවෙන්. ඒ නිසා මේ සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගෙනයන බව අපි සහතික කර ප්‍රකාශ කරනවා.

ජනතාව පාරට බැස්සේ අපට තිබුණු අයිතිය නැති කරපු නිසයි. මාර්තු 09වැනිදා ඡන්දය පවත්වන බව ප්‍රකාශ කළේ ස්වාධීන මැතිවරණ කොමිසම. අපි ඒ මැතිවරණ ක්‍රියාවලියට අනුව කටයුතු කරගෙන ගියා. අන්තිම මොහොතේ වෙන දහංගැට ගහලා මැතිවරණය නවත්වන්න අනීතිකව සිදුකරන බලපෑම් නවත්වන්න බලකිරීම සඳහායි අපි ලිප්ටන් වටරවුමට පැමිණියේ.

මේ පළාත්පාලන මැතිවරණය ගිය වසරේ පවත්වන්න තිබුණේ. මැතිවරණ නීතියට අනුව සහ ව්‍යවස්ථාවට අනුව මේ මාර්තු මාසයේදී පළාත්පාලන මැතිවරණය පැවැත්විය යුතුමය. ජනාධිපති කැමති දිනයක් දක්වා මැතිවරණ කල්දැමීම අපේ රටේ සම්ප්‍රදායක් කර ගත හොත් ඊට පසු ලැබෙන්නේ පවතින ආණ්ඩුවට දිනන්න පුළුවන් මැතිවරණ විතරයි. ඒ නිසා මේ ක්‍රියාමාර්ග පටන් ගත්තැනම පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත් කරන්න අධිකරණය ඉදිරියේ නඩු පැවරීම, ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරිම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සිදුකරමින් යන අතරතුරයි සාමකාමී, උද්ඝෝෂණයක නිරත වූනේ.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ඉඩදිය යුතු නැහැ. මේ ආණ්ඩුවටත් ජනාධිපතිටත් කිසිම ජන වරමක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පිනට ලැබුණු ජනාධිපතිකම යොදාගෙන උමතුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කළ හැකි සියලුම බලවේග එකතු කර මේ තත්වය පරාජය කළ යුතුයි.

මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන ජනාධිපති විශාල මුදලක් වියදම් කර, නිදහස් දින උත්සවයක් පැවැත්වූවා. ජනරජ පෙරහරක් පැවැත්වූවා. ඊට අමතරව තව විශාල නාස්තිකාර වියදම් සිදුකරමින් යනවා. ජනතාවට දරාගත නොහැකි විශාල බදු බරක් පටවමින් ඔහු ඇතුළු කණ්ඩායමේ සතුට වෙනුවෙන් ක්‍රියාකරමින් ඉන්නවා.

ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයක් අපට තිබෙනවා. ආණ්ඩුවේ මේ හැසිරීමෙන් පේන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව බියට පත්වී සිටින බවයි. ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත් කරන්න, ආණ්ඩුවේ වියරු මර්දනය නතර කරන්න සියලු ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා.

ඒ වගේම අපි කලබල වෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම අපි දන්නවා. මිනිස් ජීවිතවල වටිනාකම අපි දන්නවා. දස දහස් ගණනින් ජනතාව එක්වී ඉතාමත් සාමකාමීව සහ විනයගරුකව විරෝධය දැක්විය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයයි. ආණ්ඩුව පහර දුන්නේ එවැනි ජනතාවකට. අපිට අපේ සහෝදරයා පිළිබඳව හදවතේ කණගාටුවක් තිබෙනවා. නමුත් අපි පස්සට යන්නේ හෝ සැලෙන්නේ නැහැ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka