කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරු මුදාගෙන රැගෙන ගිය බව කියන හිමිවරුන් දෙදෙනා හා මෝටර් රථ රියදුරු හෙට්ටිපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය කියයි.
සැකකාර හිමිවරුන් එම සිද්ධියට පැමිණි බව කියන මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්වුණේ හෙට්ටිපොළ රිට්ටාදෙනිය ශ්‍රී ජය ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පොත්තේවල ඉන්දසාර සහ පූජ්‍ය දිවුල්වැවේ දීපානන්ද නම් හිමිවරු දෙනමක්.
විහාරස්ථානයේ වැඩවිසූ සාමනේර හිමිනමක් ද උන්වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් භාරයට ගෙන තිබුණි.
වයස අවුරුදු 11ක සාමණේර හිමි තම ආරක්ෂාව සඳහා පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෝටර් රථය තුළ තිබී ඩුබායි රටට පලා යාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.