gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙන්ටගනයෙන් ආපු අය SIS නිලධාරීන් නිරායුධ කළ බවට චෝදනාවක්

මෙරටට පැමිණි ඇමරිකානු පෙන්ටගන් නිලධාරීන් රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ගොස් එහි සියලු දෙනා නිරායුධ කරලා තමන්ගෙ ආයුධ ඇතිවයි ඒ අය ඊට ඇතුළුවූ බවට පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) චෝදනා කළේය.

මන්ත්‍රීවරයා මේ චෝදනාව කරමින් මෙරටට පැමිණි ඇමරිකානු පෙන්ටගන් නිලධාරීන් සමග කළ සාකච්ඡා සහ ගත් තීරණ කවරේද යන්න ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ද ඔහු ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළ මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.

මීට දින කිහිපයකට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන් මේ රටට පැමිණියා. ඊට පසුව තවත් දින කිහිපයකින් ඇමරිකානු ගුවන් යානා දෙකකින් විසි දෙනකුගෙන් යුත් පෙන්ටගන් නිලධාරින් පිරිසක් ආවා. ඒ අය ඇවිල්ලා ජනාධිපතිවරයා ,ආරක්ෂක ලේකම්වරයා ,බුද්ධි අංශ ප්‍රධානීන් හමුවුණා කියලා මාධ්‍යවල වාර්තා වුණා. කෙටි කාලයක් ඇතුළත ඒ අය රටෙන් පිටව ගියා. ඒ කණ්ඩායමේ නායකත්වය දැරුවේ එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්. මේ අය ආවේ ගුවන් තොටුපළේ වී.වී.අයි.පී එකෙන්. ජනාධිපතිවරයා හෝ වෙන රටක ජනාධිපතිවරයෙක් යනෙනකොට පාවිච්චි කරන ලෝන්ච් එක. ඒ වගේම අපි දන්න විදියට මේ අයගෙ ආගමන විගමන කටයුතු නිසි ලෙස වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට මේ නිලධාරීන් ගිහිල්ලා තිබෙනවා. ඒ ඒකකයේ සියලු දෙනා නිරායුධ කරලා තමන්ගෙ ආයුධ ඇතිවයි ඒ අය ඇතුළු වෙලා තියෙන්නේ. අපිට දැනගන්න තිබෙන පරිදි මේ නිලධාරීන් උත්සාහ කරන්නෙ ලංකාවේ බුද්ධි අංශයට ලැබෙන සියලු තොරතුරු ඇමරිකානු ආයතනයකට අරගෙන මොන තොරතුර ද ප්‍රසිද්ධ කළ යුත්තේ මොන තොරතුර ද ප්‍රකාශ නොකළ යුත්තේ කියලා වැඩපිළිවෙළකට යන්නයි.

මූලාශ්‍රය – අරුණ
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka