දළදා වහන්සේට අපහාස කළ සේපාල් සමාව ගනී! නඩු කටයුතු අවසන් කිරීමට අධිකරණය තීරණය කරයි
බෞද්ධ ජනතාවගේ සිත් රිදවමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම නඩු කටයුත්ත කටයුතු අවසන් කිරීමට අධිකරණය තීරණය කළා.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි වුණා.
තම සේවාදායකයා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගෙන් සහ මේ රට සියලුම බෞද්ධ ජනතාවගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සේපාල අමරසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නා.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ සැකකරු එවැනි කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටිත් නම් පමණක් මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට තමන් එකඟ වන බව යි.
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද සේපාල් අමරසිංහ මහතා විවෘත අධිකරණයේදී සමාව අයැඳ සිටියා.
ඒ අනුව මෙම නඩුව අවසන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු නඩුවෙන් මුදා හැරියා.

2023-02-21T11:51:00+05:30
Lanka Hot News