ෆොන්සේකා SJB මන්ත‍්‍රී කණ්ඩායමක් සමග අනුර ලගට යන්න සූදානම් (VIDEO)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට තමා ගරු කරන බවත් ඔහු තමාගේ සතුරෙකු නොවන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාසල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණොත් අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය සමඟ සිවිල් සමාජ සම්මුතියකට එළඹීමට තමා සූදානම් බවත් ඔහු සදහන් කරයි.
ඒ සදහා තමන් සමග සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක්ද එක් වනු ඇති බව ද ඔහු කියා සිටියි.
අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන වේදිකාව අසලට තමාට ඕනෑම මොහොතක ගමන් කළ හැකි බව ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
ෆොන්සේකා SJB මන්ත‍්‍රී කණ්ඩායමක් සමග අනුර ලගට යන්න සූදානම් (VIDEO)
2023-02-02T11:31:00+05:30
Lanka Hot News






