gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලිය දෙන්න ජලය නොදෙන්නැයි ඇමැතිගෙන් බලපෑම්!

අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා ජලය මුදාහැරීමට කටයුතු කළ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයට ජලය තවදුරටත් නිකුත් නොකරන ලෙසට ඇමැතිවරයකු හා අමාත්‍යාංශ බලධාරීන් බලපෑම් එල්ල කර ඇති බව දැනගන්නට ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවා.

උසස් පෙළට පෙනී සිටින දරුවන්ට අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා ජලය මුදාහරින ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජල කළමනාකරණ ලේකම් කාර්යාලයෙන් කළ ඉල්ලීමට අනුව ජලය ලබාදීම නිසා පසුගිය 30 සහ 31 වනදා විදුලිය විසන්ධි කිරීමක් නොකළ බවත් ධම්මික මහතා සඳහන් කළා.

ඛනිජ තෙල් සංස්ථාව සතුව නැප්තා තබාගෙන විදුලිබල මණ්ඩලයට නොදෙන තත්ත්වයක් පවතින බවත්, එයට පිළියමක් ලෙස ජල කළමනාකරණ ලේකම් කාර්යාලය ජලය ලබාදී අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරමින් සිටින විට එම ලේකම් කාර්යාලයට බලපෑම් කරන්නේ විදුලිය විසන්ධි කර සිසුන් අපහසුතාවට පත් කිරීමට ද යන්න බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවත් ධම්මික මහතා කියා සිටියා.

මහජනතාවට පැය 24 පුරා විදුලිය ලබාදීමට මහජනතාවගෙන් තැන්පතු ලෙස විදුලිබල මණ්ඩලය ලබාගෙන තිබෙන කෝටි 4000 ක මුදලට අදාළ පොලිය මහජනතාවට ලබා නොදී බිල් නොගෙවීම නිසා (රතු බිල පැමිණ) විදුලිය කප්පාදු කිරීමට පැමිණියහොත් තම ගෙවත්තට ඇතුළු නොවන ලෙසට ඉල්ලමින් ඊට පෙර පොලිසියට පැමිණිල්ලක් කර තබන ලෙස ද ධම්මික මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka