gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ආණ්ඩුවෙන් එළියට බහින්න යයි! පොහොට්ටු ලේකම් ජනපතිට ප්‍රසිද්ධියේ දොස් කියයි

මැතිවරණයක් ලබන වසරේ පැවැත්වෙන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ නම් ඒ පිළිබඳව කණගාටු වන බවත් මැතිවරණය පැවැත්වීමේ තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිසන් සභාව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනය වන මැතිවරණ කොමිසමේ කටයුතුවලට ජනාධිපතිවරයා හෝ වෙන කිසිඳු පුද්ගලයෙක්ට මැදිහත්විය නොහැකි බව ද හෙතෙම සඳහන් කළා.

රාජපක්‍ෂවරුන්ට ඡන්ද කල්දැමූයේ යැයි කිසිවිටක චෝදනාවක් නොමැති මෙන්ම රාජපක්‍ෂවරුන්ට චෝදනාවක් තිබුණා නම් තිබුණේ ඡන්දය නියමිත දිනට පෙර පැවැත්වු යැයි බවත් පළාත් පාලන මැතිවරණය නීත්‍යානුකූල නොවන ආකාරයකට කල්දැමීමට උත්සහ කළහොත් පළමුවෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළියට එන බවත් ඒ මහතා සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය ජනතාවගේ අයිතියක් බවත් පළාත් සභා අහෝසි කිරීමට මූලික වී කටයුතු කළ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකලා අද පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින බව කී කාරියවසම් මහතා පළාත් සභා ඡන්දය අහෝසි කරන තත්වයට පත්කිරීමට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපතිවරයා ද මූලිකව කටයුතු කළ බවත් කියා සිටියා.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka