gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නුවර අධිවේගය ඉක්මනින් ඉවර කරන්න, මහනුවර නගරය ඉක්මනින් විශාල දියුණුවක් කරන්න, අද නුවරදී රැස්වුණු කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරලා!

ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පුර්ණ සංවර්ධිත නගරයක් බවට පත්කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා ඒ අනුව පියවර ගැනෙනු ඇත.

කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැළැස්මක් සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද නියමිතය.

මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ (19) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු “ජනරජ පෙරහර” අවසන් වීමෙන් අනතුරුව අද (20) උදෑසන මහනුවර ජනාධිපති මන්දිරයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි.

– ජනාධිපති මාධ්‍ය අංශය


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka