gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගෙන් පොහොට්ටුවට පොරොන්දු තුනක්!

තමාට පක්ෂපාතීව ඡන්දය ලබා දෙන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට හොඳ ආරක්ෂාවක්, ඔවුන්ගේ නිවෙස්වලට සිදුවූ හානිවලට වන්දි ලබා දීම සහ පාර්ලිමේන්තුවේ වාරය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව තිබීම යන ප්‍රතිපත්ති 3 පමණක් මුල් කර ගෙන වත්මන් ජනාධිපතිවරයා විසින් බලයට පත් වූ බවත් ජනවරමක් නොමැතිව පොහොට්ටුවේ රූකඩයක් ලෙස පත් වූ වත්මන් ජනාධිපතිවරයා විසින් ජනතාවට නොව පොහොට්ටු මන්ත්‍රීවරුන්ට පමණක් මෙම පොරොන්දු පත්‍රය ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නොච්චියාගම ප්‍රදේශයේ ජන රැළියකට එක් වූ අවස්ථාවේ දීය.
ජනවරමක් ජනතා විශ්වාසයක් නොමැති මේ ආණ්ඩුවට කියා සිටින්නේ තක්කඩි දේශපාලනයේ නියැලී මැතිවරණය කල් නොදමන ලෙසත් ජනතාවගේ මැතිවරණ අයිතියට අත තියන්නේ නම් එයට විරුද්ධව පාරට බහින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

එසේ ම මේ මැතිවරණ අයිතිය අහෝසි කිරීමට සහාය දුන් සියලු දෙනාම නීතිය හමුවට ගෙන එන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

– මාධ්‍ය ඒකකය


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka