gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය කල් දමන්න අද සාකච්චාවක්... සියළු දෙනා කැදවයි!

කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට එල්ල වී ඇති බාධක හා ඒවා විසඳා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටු බව ඊයේ රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් දමන්නේ දැයි මෙම සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතව තිබේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද මෙම සාකච්ඡාව සඳහා කොමිසම හමුවට කැදවා ඇත.

රජයේ මුද්‍රණාලය දැනටමත් දන්වා ඇත්තේ මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බවයි.

මේ වන විට මැතිවරණය සඳහා ඉල්ලන ලද මුදල් මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට මුදාහැරීමට කටයුතු කර නැත.
-lankacnews


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka