මරදානේ අරගලකරුවන් බලන්න පොලිසිය නීතීඥයන්ට අවසර දී නෑ! නීති විරෝධියි! පනත ඍජුවම උල්ලංඝනය කිරීමක්! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කනස්සල්ල පළ කරයි
ඊයේ මරදානේ ‘නිදහසේ සත්‍යග්‍රහය’ පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් සාමකාමී විරෝධතාකරුවන්ට නීතීඥයින්ට ප්‍රවේශය ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කනස්සල්ල පළ කරයි.
නීතීඥයින්ට සහ ඥාතීන්ට පොලීසියට ප්‍රවේශය ලබා දිය යුතු බවත්, එසේ නොකිරීම 2018 අංක 5 බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත සෘජුවම උල්ලංඝනය කිරීමක් බවත් ඔහු අවධාරණය කළේය.
මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ සාමකාමී ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ පොලිසිය විසුරුවා හැරිය.
සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව තහවුරු කළේය.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ “ස්වාධීනත්වය සහ නිදහස ජනතාව සඳහා මිස බලයේ සිටින අයට පමණක් සීමා නොවිය යුතු” බවයි.
නීතීඥයින්ට සහ ඥාතීන්ට පොලීසියට ප්‍රවේශය ලබා දිය යුතු බවත්, එසේ නොකිරීම 2018 අංක 5 බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත සෘජුවම උල්ලංඝනය කිරීමක් බවත් ඔහු අවධාරණය කළේය.
මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ සාමකාමී ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ පොලිසිය විසුරුවා හැරිය.
සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව තහවුරු කළේය.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ “ස්වාධීනත්වය සහ නිදහස ජනතාව සඳහා මිස බලයේ සිටින අයට පමණක් සීමා නොවිය යුතු” බවයි.
මරදානේ අරගලකරුවන් බලන්න පොලිසිය නීතීඥයන්ට අවසර දී නෑ! නීති විරෝධියි! පනත ඍජුවම උල්ලංඝනය කිරීමක්! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කනස්සල්ල පළ කරයි
2023-02-04T12:46:00+05:30
Lanka Hot News