මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ තුළ සාකච්ඡාවක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ඇති බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ඇති බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද අග‍්‍රාමාත්‍ය ධූරය ඕනෑම මොහොතක බාර දීමට සූදානමින් සිටින බවත් ඔහු දැනටමත් අග්‍රාමාත්‍ය ධුරයේ වරප්‍රසාද භුක්ති විඳින්නේ ඉතා සීමිතව බවත් සඳහන්ය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැති බව ද වාර්තා වෙයි.
ඊට හේතුව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ පිරිසක් එකඟ නො වීමයි. තවත් පිරිසක් පවසන්නේ අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ මහතා නැවතත් බාරගත යුතු බවයි.
