gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

OPEX ‌HOLDINGS හිමිකරුගේ ඝාතනය පසුපස ඔහුගේ බිරිඳ? CCTVවලින් අලුත් සාක්ෂි රැසක් එළියට!

ඉන්දුනීසියාවේ ජකර්තාහි මහල් නිවාසයකදී අබිරහස් ලෙස මියගිය මෙරට පොහොර ආනයන සමාගමක් වන ඔපෙක්ස් හෝල්ඩිංග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ, කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ජකර්තා පොලීසිය පවසන්නේ ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කෙරෙන බවයි.

ඔහු මෙලෙස මරණයට පත්ව ඇත්තේ සිය බ්‍රසීල ජාතික බිරිඳ, දියණිය සහ තවත් කාන්තාවක් සමග කෙටි නිවාඩුවක් සඳහා ඉන්දුනීසියාවේ විනෝද චාරිකාවක නිරතව සිටි අතරතුරයි.

ඔනේෂ් සුබසිංහ මහතා සිය බ්‍රසීල ජාතික බිරිඳ වන රෝසා සිල්වා, සිව් හැවිරිදි දියණිය සහ බ්‍රසීල ජාතික මෙහෙකාර කාන්තාව සමඟ ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණේ ඉකුත් ජනවාරි 20 වනදායි.

ඔවුන් ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයක නැවතී ඇත්තේ තාවකාලික පදනමින්.

ඔහු ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සිය කාර්යාලයේ නිලධාරීන් සමග එරට සිට වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වී තිබුණත් ජනවාරි 31 වනදා සිට ඔවුන්ට ඔහුව සම්බන්ධ කරගැනීමට හැකිව නොමැති බව අනාවරණය වී තිබෙනවා.

මෙවන් පසුබිමක ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයේ සුබසිංහ මහතා සිටි නිවාසය වසා දමා තිබීම ගැන සැක සිතී එහි සේවකයින් දොර විවෘත කර බැලීමේ දී ඔහුගේ මළ සිරුර එහි තිබී සොයාගෙන තිබෙනවා.

මේ පිළිබඳව එහි පාලනාධිකාරිය ඔනේෂ් සුබසිංහ මහතාගේ මෙරට පෞද්ගලික ලේකම්වරිය වෙත පෙබරවාරි 03 වනදා දැනුම් දී තිබුණා.

නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය සීසීටීවී පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ජනවාරි 31 වන අඟහරුවාදා ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳ, සිව් හැවිරිදි දියණිය සහ මෙහෙකාර කාන්තාව එහි දොරෙහි “DON’T DISTURB” යන පුවරුව එල්ලා ඉන් පිටව යන ආකාරයයි.

කෙසේවෙතත් ඔවුන් මේ වන විට රැඳී සිටින ස්ථානය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka