gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඡන්දෙට භාණ්ඩාගාරයෙන් සල්ලි නුදුන්නොත් උසාවි යනවා” – මැ.කො.ස. සභාපති නිමල් පුංචිහේවා

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මූලික වියදම් සඳහා මුදල් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමට භාණ්ඩාගාර ලේකම්වරයා නිසි ප්‍රතිචාරයක් ලබා නොදුනහොත්, ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන බව එම කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසීය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු මැතිවරණයකදී දායකත්වය ලබාදෙන ආයතන, අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම්වලට අනුව මූලික වියදම් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770ක් ඉල්ලූ බව සභාපතිවරයා සඳහන් කළේ ය.

පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවට හා එම ඡන්දය පැවැත්වීම අත්හිටුවිය යුතු යැයි ඉල්ලා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වීමට නියමිතව ඇති බව සඳහන් කළ සභාපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීන්දුව භාරගත යුතු බව පෙන්වා දුන්නේ ය.

ඡන්දය සඳහා අවශ්‍ය අත්තිකාරම් මුදල් ඒ ඒ ආයතනවලට ලබා දීමට අවශ්‍ය මුදල් නොලැබුණහොත් ඡන්ද විමසීම ප්‍රකාශිත දිනයේ පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද එම නිලධාරියා අවධාරණය කළේ ය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද රුපියල් මිලියන 100ක් අත්තිකාරම් වශයෙන් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති අතර මේ වනවිට රුපියල් මිලියන 40ක මුද්‍රණ කටයුතු නිමාකර ඇති අතර තවත් රුපියල් මිලියන 60ක මුද්‍රණ කටයුතු කඩිනමින් කළ යුතුව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

 - මව්බිම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka