තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී සිදුවූ මරණය ගැන ව්‍යාපාරිකයාගේ බ්‍රසීල ජාතික බිරිය ගැන සැකයක්....
ශ්‍රි ලංකාවේ කෘෂි රසායන ක්ෂේත්‍රයේ නිරත සමාගමක්වන ඔපෙක්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු ව්‍යාපාර ගණනාවක් හිමි ව්‍යාපාරිකයකුවන ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකර්තා හි දී අබිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව අනාවරණය කර ද මෝනිං වෙබ් අඩවිය පවසන්නේ ඉන්දුනීසියා ජකර්තා නුවර සුඛෝපභෝගී මහල් නිවාසක මියගොස් සිටියදී අද (05) ඔහුගේ දේහය සොයා ගෙන ඇති බවයි.
ඔනේෂ් සුබසිංහ විවාහ වී සිටින්නේ බ්‍රසීලියානු ජාතික කාන්තාවක සමඟය. ඔනේෂ් ඇයත් ඔහුගේ 4 හැවිරිදි දියණිය තවත් නාඳුනන බ්‍රසීල ජාතික කාන්තාවකුත් සමග ජකර්තා හි පෞද්ගලික සංචාරයකට ගොස් ඇත.
ඔනේෂ් සුබසිංහ අවසන් වරට පසුගිය අඟහරුවාදා (02) කොළඹදී ඔහුගේ පවුලේ අය සමඟ සම්බන්ධ වී ඇති අතර ඉන් පසුව සම්බන්ධතා නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින පවුලේ සාමාජිකයන් මහල් නිවාස කළමනාකාරිත්වය අමතා සුබසිංහ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා ඇත.
ඔහු හෝ බිරිඳ සම්බන්ධ කර ගත නොහැකි තැන මහල් නිවාස කළමනාකාරීත්වය නිවසේ අගුලු කඩා ඇතුළු වෙද්දී මියගිය ඔනේෂ් සුබසිංහගේ ගේ සිරුර හමුවී ඇත.
පසුව මහල් නිවාසයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඔහුගේ බිරිඳ, දියණිය සහ නාඳුනන කාන්තාව අඟහරුවාදා එම නිවසින් පිටවී යන්නේ ‘බාධා නොකරන්න’ (Do Not Disturb) පුවරුවක්ද දොරේ එල්ලීමෙන් පසුවය. කෙසේ වුවද බිරිය හා දරුවාත් පැමිණි නාඳුනන කාන්තාවත් අඟහරුවාදා දෝහා බලා පිටත්ව යන ගුවන් යානයකින් රටින් පිටව ගොස් ඇති බව සොයාගෙන ඇත.
තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
2023-02-05T23:34:00+05:30
Gossip Lanka Hot News






