මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට මැදිහත් වෙන්න… මැතිවරණ කොමසාරිස් කථානායකට ලියයි!
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුදල් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් යොමුකර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහේවා හිරු පුවත් සේවයට කියා ඇත්තේ ඊයේ රාත්‍රියේ මෙම ලිපිය යොමුකළ බවය.
මාර්තු මස 09 වැනිදාට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බව ප්‍රකාශ කළ මැතිවරණ කොමිස වැඩිදුරටත් දන්වා සිටියේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන් යළි රැස් වන ලබන මස 3 වනදාම මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරන බවය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මාර්තු 09 දා මැතිවරණය නොපැවැත්වෙන්නේ මැතිවරණ කොමිසන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් බවය.
හිරු –
මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට මැදිහත් වෙන්න… මැතිවරණ කොමසාරිස් කථානායකට ලියයි!
2023-02-25T14:37:00+05:30
Lanka Hot News





