පළාත්වෙත උපරිම බලතල බෙදා දී පළාත් අතර සංවර්ධන තරගයක් තියනවා… උතුරට ගිය ජනාධිපති උතුර දියුණු කරන හැටි රටට කියයි!
සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා පැවසුවේ ස්වකීය බෙදා දෙන උපරිම බලතල යටතේ පළාත් දියුණු කිරීමේ වගකිම පළාත්වලට පවරා පළාත් අතර තරගයක් පැවැත්වීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.
එතකොට රටම දියුණු වෙයි…ජනාධිපතිවරයා පැවසුවේය.
යුද්ධයට පෙර උතුරු පළාතෙන් ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන් බවත්, එම ශක්තිමත් ආර්ථිකය යළි උතුරේ ඇති කිරීමට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත් ජනාධිපතිවරයා පැවසිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ උතුරු පළාතේ පවතින ගැටලු සම්බන්ධයෙන් ඊයේ (10) යාපනයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. උතුරු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ විද්වතුන් පිරිසක් මීට එක්ව සිටියහ.
පළාත්වෙත උපරිම බලතල බෙදා දී පළාත් අතර සංවර්ධන තරගයක් තියනවා… උතුරට ගිය ජනාධිපති උතුර දියුණු කරන හැටි රටට කියයි!
2023-02-11T15:29:00+05:30
Lanka Hot News






