දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ හිටපු පෞද්ගලික සහකාර නිහාල් ෆර්ඩිනැන්ඩ් නැමැති පුද්ගලයකු දළදා මාළිගාව සහ රටේ ප්‍රභූ චරිත සම්බන්ධයෙන් කර ඇති අශෝභන, අසත්‍ය අපහාසාත්මක, අපවාදාත්මක සහ උපහාසාත්මක සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.
එම ලිපිය පහත පළවේ.
12.2.2023
පොලිස්පති
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.
පොලිස්පති තුමනි ,
පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත කරන ලද වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලකි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ ලේකම්/පෞද්ගලික සහකාර යැයි කියා ගන්නා අයෙක් වර්ෂ 2023 ක් වූ පෙබරවාරි මස 10 වන දින හෝ එයට ආසන්න දිනයකදී ප්‍රකාශ දෙකක් කරමින් ජාතික සහ ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර ප්‍රචලිත කර ඇත.
විමර්ශන කටයුතු සඳහා මම මෘදු පිටපත සහ පණිවිඩවල සබැඳි මේ සමඟ අමුණමි.
ඉහත කී පුද්ගලයාගේ වෛරී ප්‍රකාශය සත්‍ය හෝ අසත්‍ය දැයි තහවුරු කරගැනීමට පමණක් නොව, අශෝභන,අසත්‍ය අපහාසාත්මක, අපවාදාත්මක සහ උපහාසාත්මක කරුනු මාගේ මෙන්ම සුවහසක් ජනතාවගේ භක්තිය ,ගෞරවය හා විශ්වාසය ඇති වන්දනීය දළදා මාළිගයට හා ත්‍රෛනිකායක හිමිවරුන්ට අපහාස කිරීමට සහ ඔවුන්ගේ චරිතයන්ට මඩ ගැසීමෙන් හා අපකීර්තියට පත් කිරීමේ ද්වේෂ සහගත චේතනාවෙන් සිදු කර ඇති බව මාගේ විශ්වාසයයි. ඔහු පුන පුනා වෛරීව ප්‍රකාශ කරමින් තහවුරු කිරිමට උත්සාහ ගන්නේ දළදා මාලිගාවට ලැබන්නාවු ගෞරවය , සහා බෞද්ධ ආගම ප්‍රචලිත කිරිමට ලෑබෙන්නාවු ආධාර අඩාල කිරිමටද යන සැකය මාහට ඇතිවුනි. මා හට මොහු පිලිබදව කිසිදු විස්තරයක් නොමැති නමුත් මෙම වීඩියෝ දෙක ඔබට මෙම පුද්ගලයා සොයා ගැනීමට නිසැකවම උපකාරී වනු ඇත.කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.
එම ලිපිය පහත පළවේ.
12.2.2023
පොලිස්පති
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.
පොලිස්පති තුමනි ,
පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත කරන ලද වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලකි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ ලේකම්/පෞද්ගලික සහකාර යැයි කියා ගන්නා අයෙක් වර්ෂ 2023 ක් වූ පෙබරවාරි මස 10 වන දින හෝ එයට ආසන්න දිනයකදී ප්‍රකාශ දෙකක් කරමින් ජාතික සහ ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර ප්‍රචලිත කර ඇත.
විමර්ශන කටයුතු සඳහා මම මෘදු පිටපත සහ පණිවිඩවල සබැඳි මේ සමඟ අමුණමි.
මා හට ලැබී ඇති නීති උපදෙස් අනුව ඉහතකී ප්‍රකාශ වෙනත් නීතීන් අතර:
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3(1) වගන්තිය යටතේ;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 290(අ) වන වගන්තිය;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වන වගන්තිය;
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) වන වගන්තිය;
උල්ලංඝනය කිරීමක් හා එකී වගන්ති යටතේ යටතේ දරුණු අපරාධ හා දඬුවම් ලැබිය හැකි වරදවල් වේ.
කරුණු එසේ හෙයින්, යහපාලනය සහ අපගේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් හා විවෘතභාවයෙන් යුතුව මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර ඉහත තැනැත්තා හා ඔහු පිටුපස සිටින අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ නීතිය නොපමාව ක්‍රියාත්මක කර; ඔවුනට දඬුවම් ලබාදීමට පියවර ගන්නා ලෙසත්;
ඉහත තැනැත්තන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නා ලෙසත්; මෙයින් ඔබට පැමිණිලි කරනු ලැබේ.
මේයට
විශ්වාසි
ශර්මිලා ගෝනවෙල
නාගරික මන්ත්‍රී කොළඹ මහා සභාව
0772649652
Sgonawela@gmail.com