දළදා මාලිගාවේ සල්ලි මහින්දගේ ඡන්දෙට දෙන්න මිටි බැඳලා දුන්නේ මම....මාලිගාවේ ඉඩම්-රත්තරන් විකුණලා හොරකම් කලා...මේවා හෙළිදරව් කළාට මාව දැන් මරන්න හදනවා - නිහාල් ෆර්ඩිනන්ඞ් තවත් හෙලිදරවු රැසක (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වලට වියදම් කිරීම සඳහා දළදා මාලිගාවේ මුදල් ගෙනයාමට මිටි බැන්දේ තමන් විසින් බව දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ හිටපු පුද්ගලික සහකාරවරයෙකු බව කියන නිහාල් ෆර්ඩිනන්ඞ් මහතා සඳහන් කරයි.
දියවඩන නිලමේවරයා මාලිගාවට අයත් ඉඩම් විකුණා, මාලිගාවේ රත‍්‍රන් විකුණා සොරකම් කරන්නේ යයිද ඔහු චෝදනා කරයි.
දළදා මාලිගාවේ දවසට ආදායම ලක්ෂ 25ට වැඩි වුවත් ඒවා විගණනය නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
මහනාහිමිවරුන්ට මෙම විස්තර පැවසීමට ගිය විට තමන්ට තුවායක් තෑගි දී ආපසු යන්නයි අස්ගිරියේ හිමිවරුන් සඳහන් කළ බවද පවසන ඔහු තමන්ට ඔත්තු දුන්නේයැයි මාලිගාවේ සේවකයන් විස්සකට වඩා පන්නා දමා ඇතැයිද කියා සිටියි.
ඔහු මේ බව පවසන්නේ චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
දියවඩන නිලමේවරයා මාලිගාවට අයත් ඉඩම් විකුණා, මාලිගාවේ රත‍්‍රන් විකුණා සොරකම් කරන්නේ යයිද ඔහු චෝදනා කරයි.
දළදා මාලිගාවේ දවසට ආදායම ලක්ෂ 25ට වැඩි වුවත් ඒවා විගණනය නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
මහනාහිමිවරුන්ට මෙම විස්තර පැවසීමට ගිය විට තමන්ට තුවායක් තෑගි දී ආපසු යන්නයි අස්ගිරියේ හිමිවරුන් සඳහන් කළ බවද පවසන ඔහු තමන්ට ඔත්තු දුන්නේයැයි මාලිගාවේ සේවකයන් විස්සකට වඩා පන්නා දමා ඇතැයිද කියා සිටියි.
ඔහු මේ බව පවසන්නේ චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
දළදා මාලිගාවේ සල්ලි මහින්දගේ ඡන්දෙට දෙන්න මිටි බැඳලා දුන්නේ මම....මාලිගාවේ ඉඩම්-රත්තරන් විකුණලා හොරකම් කලා...මේවා හෙළිදරව් කළාට මාව දැන් මරන්න හදනවා - නිහාල් ෆර්ඩිනන්ඞ් තවත් හෙලිදරවු රැසක (VIDEO)
2023-02-13T07:15:00+05:30
Lanka Hot News