gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භික්‍ෂු අන්තරේ බලහත්කාරයෙන් කඩා පැන්නා - අමාත්‍යංශයෙන් නිවේදනයක්!

අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන නිවේදනයක් මෙහි දැක්වෙයි.
විශේෂ නිවේදනයයි

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු සමග තවත් කණ්ඩායමක් විසින් කිසි දු පූර්ව දැනුම්දීමකින් තොර ව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී තත්වයක් ඇති කරන ලදි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය සතියේ භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාවත්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයත්, අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී දිර්ඝ සාකච්ඡාවක් පවත්වන ලදි. එහි දී පාලක සභාව විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත පියවර පිළිබඳ ව දැනුම්වත් කරන ලදි. එම විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම සඳහා පාලක සභාවට බලය පැවරී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් දැනුම් දුන් අතර ඒ අනුව හැකි ආසන්න ම දිනයක දී එම විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් කිසි දු ගැටලුවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට නොමැති බවත් පැවති සාකච්ඡාවේ දී පාලක සභාව වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ඒ අනුව පාලක සභාව දැනුම් දුන්නේ සති අන්තයේ පිරිත් සජ්ඣායනා කර අනතුරු ව 27 වැනි සඳුදා සිට අදියරයන් යටතේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

තව ද ශිෂ්‍යයන් කීප දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සිදු කර ඇත්තේ පාලක සභාව මගින් වන අතර ඒ අනුව පාලක සභාව මගින් ගනු ලබන තීරණ වෙනස් කිරීමට අමාත්‍යාංශයට බලයක් නොමැති බවත් එම තීරණයේ යම් වෙනසක් සිදු කරයි නම් එය කළ යුත්තේ පාලක සභාව මගින් බවත් අමාත්‍යාංශයට ඒ සඳහා කිසි දු මැදිහත්වීමක් සිදු කළ නොහැකි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

කරුණු එසේ තිබිය දී මෙරට ලක්ෂ 42ක් දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට කිසි දු පූර්ව දැනුම්වත් කිරීමකින් තොර ව බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලීසිය විසින් අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණ නීත්‍යනුකූල ව ක්‍රියාකරන ලදි.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka