gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මාව එළවපු එක ගැන විපක්ෂය නැගී සිටිනු ඇතැයි මම සිතනවා” – හර්ෂගෙන් නිවේදනයක්!

තමන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් එලවා දැමූ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළා. අද (23) පාර්ලිමේන්තුවේ දී මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉවත් කර ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන මයන්ත දිසානායක පත්කරනු ලැබුවා.

විශේෂයක් වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එම සභාපති ධුරය සඳහා නම්කළ අතර විපක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්රීවරයාගේම කණ්ඩායම නියෝජනය කරන මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පත්කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ යෝජනාවකින් වීමයි.

“මුදල් කාරක සභාව යනු පාර්ලිමේන්තුවේ තිබෙන වැදගත්ම කාරක සභාවකි. පාර්ලිමේන්තුවට තිබෙන මුදල් බලය ක්‍රියාත්මක කිරීමේ යතුර තිබෙන්නේ මෙම කාරක සභාවටයි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවට මුදල් පනතක් සම්මත කර ගැනීමට ඉදිරිපත් කිරීමට පෙර එයින් රටට ජනතාවට වෙන බලපෑම සොයා බලා මූලික අනුමැතිය ලබාදෙන්නේ මුදල් කාරක සභාව මගිනුයි. මේ නිසා, මෙම කාරක සභාවේ තිබෙන වැදගත්කම පිළිබඳව මා තුළ ගැඹුරු අවබෝධයක් තිබුණු අතර මා මුදල් කාරක සභාවේ සභාපතිවරයා වූ පසුව කිසිදු යෝජනාවක් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ විටෙක එම යෝජනා අනුමත කිරීමට කටයුතු කළේ නෑ. ඒ තුළ තිබුණේ බංකොලොත් වූ රටක ජනතාවගේ බදු මුදල් රටට උපරිම ප්‍රතිලාභ ලැබෙන සේ යෙදවිය යුතුයැයි මා තුළ තිබුණු දැඩි විශ්වාසයයි. ඕනෑ කමයි.

කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටවිය යුතුයැයි මා මුදල් කාරක සභාවේදී අවධාරණය කළා. ආයෝජන මණ්ඩලය විසින් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන විට එයින් රටට ලැබෙන වාසිය ගණනය කර විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්නැයි මා අවධාරණය කළා. එසේ කරන තුරු මුදල් කාරක සභාව එම යෝජනාව අනුමත කළේ නෑ. මෙය මේ රටේ චෞර වලල්ලට ඉමහත් හිසරදයක් වූ බව දැන් පැහැදිලියි. මාව මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් අනීතිකව එලවන්නේ මේ හොර රැළට නැවතත් රිසිසේ ජනතා ධනය මංකොල්ල කෑමට බව පැහැදිලියි. රට සහ ජනතාව වෙනුවෙන් වැඩකර මා දේශපාලන ගොදුරක් වීම පිළිබඳව කණගාටුවන නමුත් මේ චෞර වළල්ල පරාජය කිරීමට මා වෙනදාටත් වඩා ශක්තිමත්ව නැගී සිටින බව මේ අවස්ථාවේ අවධාරණය කරනවා. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට මා සියළු සුදුසුකම් සම්පූර්ණ කර ඇතැයි මා සිතනවා. නමුත්, හොරුන් රැකීමට ඔවුන්ට හොරා කෑමට අවස්ථාව ලබාදීමට මා සූදානම් නොවීම මා එම තනතුරින් එළවා දැමීමට එකම හේතුවයි. මේ අසාධාරණයට එරෙහිව සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය නැගී සිටිනු ඇතැයි මා සිතන අතර ඔවුනොවුන්ගේ හැසිරීම මත ජනතා අධිකරණයේ දී සියල්ල මැනවින් විසඳෙනු ඇතැයි මා දැඩිව විශ්වාස කරනවා”යි ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසනවා.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka