gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය නැමැති මෘත දේහය අද තියෙන්නෙ වික්‍රමසිංහ මල්ශාලාවේ...කාටද ඡන්දය කල්දාන්න ඕනේ කියලා අද හොඳටම තේරුණා - ඩලස්

පළාත් පාලන මැතිවරණය නැමැති මෘත දේහය අද තියෙන්නෙ වික්‍රමසිංහ මල්ශාලාවේ බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

මැතිවරණ නොපැවැත්වීමෙන් රටේ මතුවී ඇති විනාශය කිසිවකුටත් විනෝදයක් කරගැනීමට ඉඩ නොතැබිය යුතු බවද ඔහු සඳහන් කළා.

ඒ මහතා මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදීයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ලෝකයේ බොරු වර්ග තුනක් තියෙනවා. බොරු,සංඛ්‍යාලේඛන බොරු,පට්ටපල් බොරු ඒ තුනයි. ජනාධිපතිතුමා මෙතනට ඇවිල්ල තුන්වෙනි බොරුව  කිව්වා. එතුමා කිව්වා ඡන්දයක් ප්‍රකාශ කරලා නැහැ කියලා. ඡන්දයට නාමයෝජනා පත්‍ර බාර දීල ඉවරයි. ඇයි එහෙම කතා කියන්නෙ. පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව අඩු කරන්න පනතක් ගෙනල්ලා තියෙනවා කියලා එතුමා කිව්වා. ඒකත් මුළුමනින්ම අසත්‍යයක්. ඡන්දය කල් දාන කුමන්ත්‍රණය පිටුපස සිටින ඝාතකයා කවුද කියලා පැහැදිලි වුණා. මැතිවරණ දේහය අද තියෙන්නෙ වික්‍රමසිංහ මල්ශාලාවේ.  රුධිරයෙන් මැතිවරණ කල් දාපු අවස්ථා ගණනාවක් තියෙනවා. සිරිමාවෝ මැතිවරණ කල් දැම්මා.

ජේ ආර් ජයවර්ධන ඒක කළා. සංවර්ධන සභා මැතිවරණයේදී කොළඹින් මැරයන් යැව්වා යාපනයට. යාපනය  පුස්තකාලය ගිනි තිබ්බා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට උතුරේ තරුණයන් බැලට්  එක වෙනුවට බුලට් එක තෝර ගත්තා. අනූ අටේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මදාවිවාදය ක්‍රියාත්මක කළා. මහර අතුරු මැතිවරණයේදී ලයිට් කපලා කරපු දේ අපි දැක්කා. මැතිවරණ වංශ කතාව නිරුවත් කරලා දැම්මා.  මේ ඡන්ද හතෙන් පහක් පහකටම නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂය. පහෙන් දෙකකට අගමැතිවරයා විදිහට  නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා ඔහුට මේ සාපෙන් ගැලවෙන්න බැහැ.”


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka