gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෘත්තිකයන්ට බදු සහන දුන්නොත් බද්ද යලි දිලින්දන් මතට... සිවිල් කැරැල්ලක අවදානමක්!

මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආදායම් බදු පනත තවත් දුරටත් ලිහිල් කිරීමේ හැකියාව නැති බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

වෘත්තිකයන් විසින් ඉල්ලා සිටින පරිදි බදු සීමාවන් තවදුරටත් කළහොත් එමගින් අහිමි වන ආදායම උපයා ගැනීමට මහා භාණ්ඩාගාරයට විකල්ප ක්‍රමවේද නැති බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව සිදුවන එකම ක්‍රමය නම් වක්‍ර බදු හරහා සියලු ජනතාවගෙන් එම අහිමිවන බදු ආදායම් අය කර ගැනීම බව පැවසූ ඔහු එහිදී අඩු ආදායම්ලාභී පුද්ගලයන් තවදුරටත් දරුණු ලෙස පීඩනයට පත් වනු ඇති බවද කියා සිටියේය.

ඒ හරහා නැවතත් රට තුල දරුණු මට්මේ සිවිල් අරගල හෝ කැරලිකාරී තත්වයන් ඇතිවීමේ හැකියාක් ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එනිසා පවතින ආර්ථික අර්බුද තත්ත්වය තේරුම් ගෙන රට වෙනුවෙන් සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් යම් හෝ කැපකිරීමක් කිරීමට හැකියාව ඇති සියලු දෙනා මේ මොහොතේ කටයුතු කළයුතු බවද ඔහු තවදුරටත් අවධාරණය කලේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka