gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය එල්ල කළේ ISIS...පර්යේෂණ කරලා ඒ ඔක්කෝම සොයා ගත්තා...මම බලයේ සිටියා නම් පාස්කු වාර්තාව වෙනස් වෙනවා - මෛත්‍රී කියයි

කොමිසමේ නිර්දේශ ලබා දෙන විට තමා බලයේ නොසිටි හෙයින් එය තමාට අවාසි සහගත ලෙස ලැබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

 ඔහු මේ බව පැවසුවේ ඊයේ (17)  කළුතර පැවති ජන හමුවකට එක්වෙමිනි.

 "මේ රටේ මැති ඇමතිකම් දරපු විශාල පිරිසක් පහුගිය අවුරුදු තුනේ නිදොස් කොට නිදහස් කළා. හැබැයි ඒ නිදොස් කොට නිදහස් කිරීම මට බලපෑවේ නෑ. පාස්කු ප්‍රහාරය කළේ කවුරුවත්, බෝම්බ ගැහුවේ සහරාන්, ඒ අපරාධය කළේ ISIS ජාත්‍යාන්තර සංවිධානය, ලෝකේ බලවත් රටවල් පැමිණ පර්යේෂණ කරලා ඒ ඔක්කෝම සොයා ගත්තා.

 මම ඒකටත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. එකේ වැරදිකාරයෝ කවුද කියලා හොයන්න. හැබැයි ඒ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා කාලයක් යනකොට මම බලයෙන් අයින් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා 2019. ඒ ජනාධිපති කොමිෂන් සභාව මම බලයේ හිටියා නම්, එහෙම වාර්තාව අවසන් කරලා, ආණ්ඩුවට වාර්තාව භාරදෙන විට ඔය මම පිළිබඳ කළ නිර්දේශය කිසිසේත්ම නිර්දේශ නොකරණ බව මා ඉතා හොඳින් දන්නවා.

ඒවාට බලපාපු කරුණු ගණනාවක් තියෙනවා. ඇතැම් ආගමික නායකයින්, මම දූෂණ වංචා හොයලා නඩු දාපු අයට මා කෙරෙහි තිබුණ වෛරය, ඒ වගේම IS සංවිධානය ලංකාවේ ඇතැම් අය සමග තිබුණු සම්බන්ධතා වැනි කරුණු ගණනාවක් තුළ.. විශේෂයෙන්ම අපේ ඒ කාලසීමාව ගත් විට නිදොස් කොට කට්ටිය නිදහස් වුණා වගේම පහුගිය දවස්වල මම කෝටි 10ක් ගෙවන්න කියලා තීන්දුවක් දුන්නා."


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka