gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ අපේක්‍ෂකයන් වැඩිපිරිස අපරාධකරුවන්... කොරෝනා පැරදූ අපට ඡුන්දය දෙන්න - මහින්දානන්ද ලයිස්තුවක් පෙන්වයි

පළාත් පාලන මැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් දිවයින පුරා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කර ඇති අපෙක්ෂකයන් වැඩි පිරිසක් විවිධ අපරාධ වලට සම්බන්ධ වුවන් බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

පස්බාගේ කොරලේ සහ නාවලපිටිය නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා පොකුරු රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මේ රටේ ජන්දදායකයින් මිට වසර ගණනාවකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් 43 දෙනෙකු පාර්ලිමේන්තුවට තොරාපත් කරගත් බවයි.

එම මන්ත්‍රිවරුන් රටට කිසිදු දෙයක් සිදු නොකල බවත්, එම මන්ත්‍රිවරුන් ඔහුන්ගේ පෞද්ගලික දේවල් පමණක් සිදු කරගත් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

වසර 30ක් මෙරට පැවති යුද්ධය අවසන් කර රට සංවර්ධන කරා රැගෙන ගොස් කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා සිය අපෙක්ෂකයන්ට ජන්දය ලබාදෙන ලෙසයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා නාවලපිටිය ජන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ.

– රංජිත් රාජපක්ෂ


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka