පොළොව හෙල්ලීම දිගටම වුණොත් භයානකයි! භූ විද්‍යා මහාචාර්ය කපිල දහනායක එළියට එයි!
මොණරාගල ප්‍රදේශයේ මෑතක දී ඇති වූ කම්පන යළි යළිත් සිදුවුවහොත් සහ එහි විශාලත්වය වැඩි වුවහොත් එය කනගාටුවට කරුණක් විය හැකි බව දිවයිනේ ප්‍රමුඛ භූ විද්‍යාඥයෙක් වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා ඒකකයේ මහාචාර්ය කපිල දහනායක මහතා සදහන් කළේය.
ඒ මහතා කියා සිටියේ මෙවැනි කම්පන තවදුරටත් එම ප්‍රදේශයේ සිදුවුවහොත් සහ එම කම්පනවල ප්‍රබලත්වය වැඩි වුවහොත් අවධානයෙන් පසුවිය යුතු බවයි.
“පෙබරවාරි 10 සහ 11 යන දිනවල ඇති වූ කම්පනවල විශාලත්වය 3 ක් පමණ වුණා. එබැවින් එය කනස්සල්ලට කරුණක් නොවන නමුත් තවත් කම්පන නැවත නැවත සිදුවුවහොත් සහ එවැනි කම්පනවල විශාලත්වය වැඩි වුවහොත් එය බරපතළ ගැටලුවක් බවට පත්විය හැකියි ”ඔහු පැවසීය.
එසේම මොණරාගල කම්පන සහ තුර්කියේ මාරාන්තික භූමිකම්පාව සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු සදහන් කළේය.
ඒ මහතා කියා සිටියේ මෙවැනි කම්පන තවදුරටත් එම ප්‍රදේශයේ සිදුවුවහොත් සහ එම කම්පනවල ප්‍රබලත්වය වැඩි වුවහොත් අවධානයෙන් පසුවිය යුතු බවයි.
“පෙබරවාරි 10 සහ 11 යන දිනවල ඇති වූ කම්පනවල විශාලත්වය 3 ක් පමණ වුණා. එබැවින් එය කනස්සල්ලට කරුණක් නොවන නමුත් තවත් කම්පන නැවත නැවත සිදුවුවහොත් සහ එවැනි කම්පනවල විශාලත්වය වැඩි වුවහොත් එය බරපතළ ගැටලුවක් බවට පත්විය හැකියි ”ඔහු පැවසීය.
එසේම මොණරාගල කම්පන සහ තුර්කියේ මාරාන්තික භූමිකම්පාව සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු සදහන් කළේය.
පොළොව හෙල්ලීම දිගටම වුණොත් භයානකයි! භූ විද්‍යා මහාචාර්ය කපිල දහනායක එළියට එයි!
2023-02-13T17:45:00+05:30
Lanka Hot News