“මගේ ජීවිතයට දැඩි අනතුරක් තියෙනවා” – වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු අම්පිටියේ හිමි කතා කරයි
අද අලුයම තමන්වහන්සේට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත් තමන්වහන්සේගේ ජීවිතයට දැඩි අනතුරක් ඇති බවත් ම්පිටියේ සුමන හිමියෝ පවසනවා.
අද අලුයම වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව දැනුම් දුන්නා.
“අද හදිසි වෙඩි ප්‍රහාරයක් මට එල්ල වෙනවා. ඒ වෙඩි ප්‍රහාරයත් එල්ල වෙනවාත් සමගම මොකක්ද වුණේ කියන්න දන්නේ නෑ. සියලු දෙනාගේම දැන ගැනීමට කියන්නේ මගේ ජීවිතයට දැඩි අනතුරක් තියෙනවා මේ වෙලාවේ. මේ වෙනකොට මංගලගම පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වාගෙන යනවා. කුමන හේතුවක් නිසා කවුරුන් මෙම වෙඩි ප්‍රහාරය තිබ්බද කියලා නිශ්චිත හේතුවක් නෑ. අපි මේ විමර්ශන අනුව කරුණු සමාජ ගත කරනවා. නැගෙනහිර, මඩකලපුවේ මම අවුරුදු 30ක් ගත කළත් මෙවැනි වෙඩි ප්‍රහාරයකට මුහුණ දුන්නේ නෑ. මේ ගැන කනගාටුවක් තියෙනවා. මම හිතනවා පොලීසිය පරික්ෂණ කරලා වෙඩි තැබීම සිදුකළ කෙනා අත්අඩංගුවට ගනීවි කියලා.”
අද අලුයම වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව දැනුම් දුන්නා.
“අද හදිසි වෙඩි ප්‍රහාරයක් මට එල්ල වෙනවා. ඒ වෙඩි ප්‍රහාරයත් එල්ල වෙනවාත් සමගම මොකක්ද වුණේ කියන්න දන්නේ නෑ. සියලු දෙනාගේම දැන ගැනීමට කියන්නේ මගේ ජීවිතයට දැඩි අනතුරක් තියෙනවා මේ වෙලාවේ. මේ වෙනකොට මංගලගම පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වාගෙන යනවා. කුමන හේතුවක් නිසා කවුරුන් මෙම වෙඩි ප්‍රහාරය තිබ්බද කියලා නිශ්චිත හේතුවක් නෑ. අපි මේ විමර්ශන අනුව කරුණු සමාජ ගත කරනවා. නැගෙනහිර, මඩකලපුවේ මම අවුරුදු 30ක් ගත කළත් මෙවැනි වෙඩි ප්‍රහාරයකට මුහුණ දුන්නේ නෑ. මේ ගැන කනගාටුවක් තියෙනවා. මම හිතනවා පොලීසිය පරික්ෂණ කරලා වෙඩි තැබීම සිදුකළ කෙනා අත්අඩංගුවට ගනීවි කියලා.”
“මගේ ජීවිතයට දැඩි අනතුරක් තියෙනවා” – වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු අම්පිටියේ හිමි කතා කරයි
2023-02-13T16:18:00+05:30
Lanka Hot News