මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි පැවසූ ජී එස් එම් චාල්ස් මහත්මිය ඊයේ දිනයේ මුද්‍රණයට යවා ඇති පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා තිබේ.
තරුණ ඡන්ද සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ගැසට් නිවේදනයට චාල්ස් මහත්මිය අත්සන් තැබූ බව කොමිසමේ සභාපතිවරයා ද තහවුරු කළේය.
ඇය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය ඉල්ලා අස් වූ බවත් එදින සිට මැතිවරණ කොමිසමට පැමිණ කටයුතුවලට සහභාගී නොවූ බවත් වාර්තා විය.
කෙසේ නමුත් ඊයේ දිනයේ මුද්‍රණය වූ ගැසට් නිවේදනයට අත්සන් කරන ලද හෙයිනි තවදුරටත් ඇය කොමිසමේ සාමාජිකත්වය දරන බව පිලිගැනේ.
අදාළ නිවේදනයට අත්සන් තබා ඇත්තේ කොමිසමේ නිලධාරීන් මගින් එම නිවේදනය තම පෞද්ගලික නිවසට ගෙන්වා ගෙන බවද වාර්තා වෙයි.
