රජය ගෙන යන අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට දිනයේදී දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් හදිසි ප්‍රතිකාරයන් පමණක් සිදුකිරීමට රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.
හෙට දිනයේදී ක්ෂේත්‍ර ගණනාවක් වැඩ වර්ජනය සහ උද්ඝෝෂණයක නිරත වන බවත් ඊට සහය දක්වමින් වෛද්‍යවරුන්ද විරෝධතාවයට සභභාගී වන බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
රජය ගෙන ඇති අසාධාරණ බදු පනත වහාම හකුලා ගන්නා ලෙස දන්වමින් වෘත්තීයවේදීන්ගේ එකමුතුව හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතාවයට සහ වැඩ වර්ජනයට රජය නිසි ප්‍රතිචාරයන් නොදැක්වුවහොත් එළඹෙන සතිය තුළ වෘත්තීය සමිති එකමුතුව නොදන්වා රටම අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බවත් එය කොපමණ දිනයක් දක්වා ද යන්න කිව නොහැකි බවත් ඔවුහු පෙන්වා දෙති.
