gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“උද්ඝෝෂණවලදී එහෙම වෙන එක සාමාන්‍යයි” – බන්දුල ගුණවර්ධන

තමන් දැනුවත් ආකාරයට උද්ඝෝෂණවලදී නිරතුරුව ම අවම බලය භාවිත කරන ලෙසට රජය ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද ( 28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ, ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ විරෝධතාවේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ රත්නපුර දිස්ත්‍රිකකයේ, නිවිතිගල ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට සිටි අපේක්ෂකයෙකු මිය යාමේ සිද්ධිය අවම බලය යොදා ගැනීමක් ද? යනුවෙන්.

ඊට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා කියා සිටියේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නාම යෝජනා භාර දී ඇති අවස්ථාවක මැයි දින පෙළපාලිය හැර වෙනත් කිසිදු පෙළපාලියක් ගමන් කිරීමට මැතිවරණ නීතිය යටතේ අවසර නැති බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා මෙසේ සඳහන් කළා,

“පොලිසිය විසින් විහාර මහා දේවී උද්‍යානයේ හා ඒ අවට ප්‍රදේශයේ නිදහසේ හැසිරෙන රැස්වීම් පවත්වන්න ඉඩ කඩ ලබා දුන්න බව ත් සඳහන් කළා. ඒ කිසිදු නියෝගයක් නොතකා කෙලින් ම කොටුව දෙසට පෙළපාලියකින් ගමන් කරන්න යාමේදී තමයි නැවැත්වීම සඳහා අවම බලය පාවිච්චි කරලා තියෙන්නේ. ඔවුන් ඉතා පැහැදිලිව කිව්වා කිසි ම ආකාරයටක බැට්න් ප්‍රහාරයක් පවා එල්ල නොකර ජල ප්‍රහාරයකින් පමණක් බැට්න් ප්‍රහාරවලින් සුළු උද්ඝෝෂණ පවා විසුරුවා හරින කොට එවැනි ප්‍රහාරයක්වත් එල්ල කළේ නැතුව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් තමා එල්ල කරලා තියෙන්නේ. පුද්ගලයෙක් උද්ඝෝෂණවලදී වැටිලා තුවාල වෙන එක සාමාන්‍ය සිරිතක්. අපිත් හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේදී විශාල පිරිසක් රෝහල්ගත වුණා. බන්ධනාගාරගත වුණා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka