gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ඡන්දෙ තියන්න දෙන්නෙ නෑ! මැතිවරණ නිරීක්ෂකයෝ උසාවි යන්න ලෑස්ති වෙයි!

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සිවිල් සංවිධාන සමග ඒකාබද්ධව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එළැඹෙන මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බරපතළ අවිනිශ්චිතතාවයක් මතුව ඇති බවත්, මුදල් අමාත්‍යාංශය මේ දක්වා මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දී නොමැති බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙම කරුණු මත පදනම් ව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිය තහවුරු කිරීම සඳහා සිවිල් සංවිධාන හා එක්ව යම් මැදිහත් වීමක් සිදු  කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka