gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද පාන්දර CIDය අත්අඩංගුවට ගත් දර්ශනට ඇප ලැබෙයි!

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස සැලකෙන දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අද (06) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණි.

පසුව ඔහුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප ලබාදීමට නියෝග කෙරුණි.

ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම මඟ හැර යාමේ චෝදනාව මත දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට පත්වුණි.

ඉකුත් වසරේ අරගල සමයේ මැයි 09 වැනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ කලහකාරී සිදුවීමේදී ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල මුදාහැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් අරඹා තිබුණි.

පසුව එම විමර්ශනයට අදාළව දර්ශන හඳුන්ගොඩගෙන් ඉකුත් වසරේ මැයි 31 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

වැඩිදුර විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔහුට මෙම වසරේ ජනවාරි 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු එදින එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ  විමර්ශන කොට්ඨාශය දර්ශන හඳුන්ගොඩ රටින් පිටවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ගනු ලැබීය.

කෙසේ වෙතත් ඒ අතරවාරයේ දර්ශන හඳුන්ගොඩ රටින් පිටව ගොස් තිබුණේ අධිකරණයට දැනුම් දීමකින් තොරවය.

ඒ අනුව ඩුබායි රාජ්‍යයේ සිට අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණෙමින් සිටියදී දර්ශන හඳුන්ගොඩ ආගමන විගමන නිලධාරින් විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය’


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka