gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

TNA මන්ත‍්‍රී උසාවි නියෝග දෙමලෙන් ඉල්ලයි... සිංහලෙන් ආ නියෝගය බාර නොගනී!

දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට යාපනය  අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාරගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට ඊයේ (14) දින දැනුම් දෙනු ලැබීය.

යාපනය අධිකරණයේ ලබන 20 වනදා පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් ඊයේ දින  පොලිස් නිලධාරීන් දෙනෙකු විසින් ලියවිල්ලක්  බාරදීමට මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවේදී අදාල ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හෙතුවෙන් තමාට සිංහල කියවීමට නොහැකි බව පොලීසියට පවසා සිටියේය.

පසුව පොලිස් නිලධාරීන් විසින් එය පරිවර්තනය කොට මන්ත්‍රීවරයාට ලබාදීමේදී මන්ත්‍රීවරයා පවසා සිටියේ සිතාසියක්හෝ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට නොහැකි බවටත් තමන්ට දමිළ භාෂාවෙන් අධිකරණය මගින් ලියාපදිංචි තැපෑලෙන් සිතාසියක් ලැබෙන්නේනම් පමණක් පිළිගන්නා බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka