gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වකුගඩු ජාවාරමේ විමර්ශනවලින් හෙළිදරව්වක් – පොලීසියේ අයත් හවුල්!

බොරැල්ල වෙස්ටන් රෝහල ශ්‍රී ලංකා පොලිසිය යොදවාගෙන වකුගඩු ජාවාරම සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු වාර්තා වන බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ‍හමුවේ සඳහන් කළා.

රෝහල් සම්බන්ධීකරණ කටයුතු කරමින් මේ ජාවාරම මෙහෙයවා ඇති බව සඳහන් කළ දිලිප පීරිස් මහතා රෝහලේ නිලධාරින් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම ආරම්භ වීමත් සමඟ රෝහල සලිත වී ඇති බව සඳහන් කළා.

සිද්ධිය ඊයේ (14) නැවත කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් වෙස්ටන් රෝහලේ ගිලන්රථ රියැදුරකු අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී කොළඹ වංචා විමර්ශන අංශයේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුද මේ ජාවාරමට සම්බන්ධ වූ බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඉදිරියේදී තරාතිරම නොබලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් සඳහන් කළා.

රෝහලේ එතිකල් කමිටුව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කළ දිලිප පීරිස් මහතා මහාචාර්යවරයකු මේ දක්වා ප්‍රකාශ ලබා දීම මඟහැර තිබෙන බවත් මේ සැකකරුවන් සිදු කර ඇත්තේ දැඩි ආර්ථික ගැටලුවලට මුහුණදී ඇති ජනතාව ඉලක්ක කර ගනිමින් මිනිස් අවයව ජාවාරමක් බැවින් මේ පිළිබඳ දැඩිව ක්‍රියා කරන බවත් හෙතෙම සඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන ප්‍රදේශයේ ග්‍රාමසේවක නිලධාරියකු හා රෝහලේ රියැදුරු ඇතුළු අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු ඉකුත් නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්කිකරුවන් විසින් සැකකරුවන් හඳුනා ගැනුණා.

සැකකරුවන් ලෙස වකුගඩු ප්‍රදානය කළ පුද්ගලයන් පොලිසිය ඉදිරිපත් කර නැති බවත් විමර්ශන පවත්වන බව පවසමින් සැකකරුවන් නිකරුනේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ක්‍රියා කරන බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එම්. මුස්තපා මහතා මෙහිදී සඳහන් කළා.

තවද මේ චෝදනා ඇප දිය හැකි වරදවල් බැවින් සැකකරුවන් වෙත ඇප ලබා දෙන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය 5, 6 සහා 7 සැකකරුවන් මේ මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් 1,2,3 සැකකරුවන් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළා.

- asianmirror


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka