gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජපන් සමාගම් ලංකාවෙන් පෝලිමට යද්දී ජර්මන් සමාගමුත් ලංකාවෙන් යන බවට අනතුරු අඟවයි! ජර්මානු තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

ආනයන තහනම දිගටම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජර්මානු සමාගම් රටින් ඉවත් වීමට සිදුවන බවට යම් අනතුරු ඇඟවීමක් කොට ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව භාණ්ඩ කිහිපයකට ආනයන තහනමක් පනවා ඇති නමුත් තහනම ලිහිල් කරන ලෙස ජර්මනිය රජයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Holger Seubert කොළඹදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් කියා සිටියේ ආනයන තහනම සම්බන්ධයෙන් ඇතැම් ජර්මානු සමාගම් කනස්සල්ල පළ කර ඇති බවයි.

ආනයන තහනම තවත් වසර 2ක් පැවතියහොත් ඇතැම් සමාගම් රටින් ඉවත් විය හැකි බවද ඔහු කියා සිටියේය.

ජර්මානු සමාගම් ගණනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර වාහන අමතර කොටස් ඇතුළු ජර්මානු නිෂ්පාදන ප්‍රවර්ධනය කරයි.

ජර්මානු ආයෝජකයින් සමස්ත ව්‍යාපාරික පරිසරය පිළිබඳව ද කනස්සල්ලක් පවතින බව Seubert පැවසීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka