gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පළාත් පාලන ඡන්දයට අලුත් දිනයක් මේ සතියේ !

මාර්තු මස 09 වැනිදාට යොදා ගත් පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බැවින් ඒ සඳහා නව දිනයක් නම් කිරීමට මැතිවරණ කොමිසම කරුණු සලකමින් සිටින බව වාර්තා වේ. මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දිය නොහැකි බවට මේ වනවන විට රජය විසින් ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළ එම ගැටලුව මෙම සතිය තුළ නිරාකරණය කරගත නොහැකි වුවහොත් මැතිවරණය සඳහා නව දිනයක් නම් කිරීමට තමන්ට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා  පවසයි.පසුගිය  කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත්‍රිකාවට අනුව රාජ්‍ය භාණ්ඩාගාරයේ අතිරේක මුදල් පරිහරණය කිරීම ඔහු විසින් නම් කරන ලද කටයුතු කිහිපයක් සඳහා පමණක් වැය කළ යුතු බවට ප්‍රකාශ කර තිබේ. මේ කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද අතර එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වන්නේ මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමෙ සභාපතිවරයා විසින් කරන ලද ඉල්ලීමට පසුව බවද සඳහන් වේ.

පසුගිය සිකුරාදා මැතිවරණ කොමිසමේ නිලධාරීන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීද ජනාධිපතිවරයාගේ කැබිනට් පත්‍රිකාව මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙත පිටපතක් ලබා දී අවධාරණය කර ඇත්තේ යෝජිත පළාත් පාලන මැතිවරණයට අඛණ්ඩ මුදල් සැපයුමක් ලබා දිය නොහැකි වනු ඇති බවය. මෙයට අමතරව  මෙම මතියේ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමද විභාගයට ගන්නා අතර එම තීන්දුවෙන්  පසුව බොහෝ විට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නව දිනයක් පිළබඳව නිවේදනය කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි මැතිවරණ ආරංචි මාර්ග  පැවසීය.
-lankasara
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka